2026 අප්‍රේල් 18, ප.ව. 11:03
ලබන ජුනි මස 11 වනදා සිට ජුලි මස 19 වනදා දක්වා ඇමෙරිකාව , මෙක්සිකෝව හා කැනඩාවේදී 2026 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පාපන්දු ලෝක කුසලානයේ එක් එක් රටවල රූපවාහිනී විකාශන ආයතනයන් FIFA විසින් නම් කර ලැබුවා.
නමුත් ශ්‍රී ලංකාව තුළ 2026 පාපන්දු ලෝක කුසලානය විකාශය කරන රූපවාහිනී ආයතනය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
2026 හා 2030 පාපන්දු ලෝක කුසලානයේ විකාශය වෙනුවෙන් Terrestrial TV (or over-the-air television හෝ Pay TV ( includes satellite and cable subscription services ) වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඇතුළුව ඉන්දියානු කලාපයේ කිසිඳු රූපවාහිනි ආයතනයක් මෙතෙක් පාපන්දු ලෝක කුසලානයේ විකාශය වෙනුවෙන් සිය ලංසු ඉදිරිපත් කර නැහැ.
මෙහි විකාශය ලබා ගැනීම වෙනුවෙන් මිලියන 100 ත් 35 අතර දැවැන්ත මුදලක් වෙන් කිරීමට රූපවාහිනි සමාගම්වලට සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඉන්දියානු කලාපයේදී 2026 පාපන්දු ලෝක කුසලානයේ තරග බහුතරක් අලුයම් කාලයේදී විකාශය වීම හේතුවෙන් හා අධික මිල ගණනන් නිසා ඉන්දීයනු රූපවාහිනී සමාගම් ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වයි.
2026 අප්‍රේල් 17, ප.ව. 10:26
2026 අප්‍රේල් 17, ප.ව. 9:57
2026 අප්‍රේල් 15, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 12, ප.ව. 11:25
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39