hit counter

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15



“ඇමති ගෙදර ගියේ මිනිස්සුන්ගෙන් ආපු පීඩනේ නිසා. උනුත් හොරු, මුනුත් හොරු, ඔක්කොම හොරු” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මහජනතාව තුළ පවතින ආණ්ඩුවට විරුද්ධ මතය මේ වන විට පැහැදිලිව දැකගත හැකි බවයි.

“පේනවනේ ආණ්ඩුවට විරුද්ධව ජන මතේ කැරකෙන හැටි” යනුවෙන් පැවසූ මරික්කාර් මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදුව ඇත්තේද මහජන විරෝධය හමුවේ බවට චෝදනා කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “තැන් තැන්වල පච හලන්නේ නැතුව හොරු අල්ලලා පෙන්නන්න” යනුවෙන් ආණ්ඩුවට අභියෝග කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: