hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 26, පෙ.ව. 11:28



වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (25) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදු වී ඇති අතර බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය.

මරණකරු වයස අවුරුදු 34ක් වන කුරුණියාවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.