2026 මැයි 07, පෙ.ව. 9:59
කාලයක් පුරාවට රසික හදවත්වල රැව්දුන් ඒ මිහිරි රහස, අවසානයේ නුවරඑළියේ සීතල මීදුම් සේල අතරින් එළියට පැමිණ තිබෙනවා.
තාරුණ්‍යයේ සිහින කුමරිය ලෙසින් කිරුළු පැලඳි, ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්, ගායන ශිල්පී දිනේෂ් ගමගේ සමඟින් සිය ජීවිතයේ නවතම කඩඉමට පියනඟා අවසන්.
“ශනු කවද්ද බඳින්නේ?” යන පැනය පසුගිය කාලය පුරාවටම ඇගේ රසිකයන් නිතර ඇසූ ප්‍රශ්නයක් වුණා. ඔවුන් දෙදෙනා අතර ආදර කතාවක් ඇති බවට බොහෝ දෙනා ඉඟි පළ කළත්, ඒ ගැන දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මේ යුවළ, මුළු කලා ක්ෂේත්‍රයම මවිතයට පත් කරමින් එක වහලක් යටට වී තිබෙන්නේ කාටත් හොරාමයි. කලා ලොවේ මේ සුපිරි තරු ද්විත්වයේ හදිසි එක්වීම මේ වන විටත් අන්තර්ජාලය පුරා වඩාත්ම උණුසුම් මාතෘකාව බවට පත්වෙමින්, ඔවුන්ගේ ලක්ෂ සංඛ්‍යාත ආදරණීයයන්ට ගෙනවිත් තිබෙන්නේ අප්‍රමාණ සතුටක්.
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ බාල දියණිය වන ශනුද්‍රි, ළමා තාරකාවක ලෙස කලාවට පිවිස, ‘දෙවෙනි ඉනිම’ හා ‘දිවිතුරා’ වැනි ටෙලිනාට්‍ය හරහාත්, ‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘මෝඩ තරිඳු’ වැනි සිනමාපට හරහාත් මෙරට ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ බහුකාර්ය ශිල්පිනියක්.
නුවරඑළිය අඹේවෙලින් කොළඹට විත් සිය අසමසම හඬ පෞරුෂයෙන් සංගීත ක්ෂේත්‍රය ජයගත් දිනේෂ්, ‘තාමරස’, ‘දැනෙනා තුරු මා’ වැනි ගීත හරහා අතිශය ජනප්‍රියත්වයක් ගොඩනඟා ගත්තා. මේ දෙදෙනාගේ සුසංයෝගය කලා ලොවට අමුත්තක් නොවන්නේ, මෑතකදී ඔවුන් එකට එක්ව ගායනා කළ ‘කෙහෙරැල්ලේ’ මෙන්ම තවත් බොහෝ නිර්මාණ හරහා ඒ අපූරු රසායනය ප්‍රේක්ෂකයන්ට මනාව ඔප්පු කර තිබූ නිසාවෙනි.
දිනේෂ්ගේ උපන් ගම ආසන්නයේ පිහිටි ලංකාවේ සුන්දරතම නගරයක් වන නුවරඑළිය මේ ආදරණීය මංගල්‍යය සඳහා තෝරාගෙන තිබීමත් සුවිශේෂී කරුණක්. මීදුමෙන් වැසුණු මනස්කාන්ත පරිසරයක, ඉතාමත් චාම් සහ පෞද්ගලික මට්ටමින් පැවති මේ උත්සවයේදී, ශනුද්‍රි හරියට සුරංගනාවියක් වගේ දිස්වුණු බවටයි කලා ලොව තිරය පිටුපසින් ආරංචි වෙන්නේ. කෙසේ වෙතත්, හැමෝම ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු මේ සුන්දර මංගල්‍යයේ අපූරු ඡායාරූප සහ වීඩියෝ එළියට එනතුරු ඔවුන්ගේ රසිකයන් තවමත් ඉන්නේ දැඩි නොයිවසිල්ලකින්.
සියල්ල රහසක්ව තබාගෙන, නුවරඑළියේ සීතල මීදුම අතරින් උණුසුම් ප්‍රේමයකට මුලපිරූ දිනේෂ් සහ ශනුද්‍රිගේ මේ අලුත් ගමන, නිහඬව ගලාගිය සුන්දර ගීතයක මියුරුම ආරම්භයයි.








2026 මැයි 07, ප.ව. 12:02
2026 මැයි 07, පෙ.ව. 11:52
2026 මැයි 07, පෙ.ව. 11:47
2026 මැයි 07, පෙ.ව. 12:16
2026 මැයි 06, පෙ.ව. 12:15
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26