2026 මැයි 10, ප.ව. 4:58
දින කිහිපයක් තිස්සේ පැවති අවිනිශ්චිතභාවය නිමා කරමින් තලපති විජේ අද තමිල් නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දුන්නා.
පසුගිය දින කිහිපයෙහි ඔහුට අවශ්‍ය බහුතරය ලබාගැනීම සඳහා වෙහෙසීමට සිදුවූ අතර ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුකාරවරයා වෙත කළ ඉල්ලීම් කිහිපයක්ම ප්‍රතික්ෂේප කෙරුණා.
කෙසේ වෙතත් ඊයේ වනවිට ඔහුට බහුතරය ප්‍රදර්ශනය කළ හැකි වූයෙන් තලපති විජේ මහ ඇමති ලෙස පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගත්තා.
තලපති විජේගේ තමිලාග වෙට් රි කලගම් පක්ෂය ප්‍රාන්ත සභාවේ ආසන 234 න් 108 ක් දිනාගෙන සිටිනවා. කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීන් 5 දෙනාගේ සහය මුලදීම ඔහුට ලැබුණා. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, මාක්ස්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, විඩුතලෙයි චිරුතයිගල් කච්චි, ඉන්දියන් යූනියන් මුස්ලිම් ලීග් යන පක්ෂවල සහය ද පසුව ඔහුට ලැබුණා. එම පක්ෂ හතරටම මන්ත්‍රී ධූර දෙක බැගින් හිමිව තිබෙනවා.
අද තලපති විජේ මහ ඇමති ලෙස දිවුරුම් දුන්නේ චෙන්නයි හි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි.
2026 මැයි 04, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47