hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි 15, ප.ව. 1:52



ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙම පහසුකම සක්‍රීය වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ නිදහස් වෘත්තිකයන්ට (Freelancers) තම ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඒ සමඟම, ශ්‍රී ලංකාවට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණයද ඉහළ යනු ඇති බව සඳහන් වේ.

PayPal හරහා මුදල් ගෙන්වා ගැනීමට මීට පෙර පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය සම්බන්ධීකරණයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ PayPal India එක්ව කටයුතු කර තිබුණි.

මෙරට බැංකු පද්ධතිය නියෝජනය කරමින් Sampath Bank, Commercial Bank of Ceylon සහ Bank of Ceylon මෙම ක්‍රියාවලිය සඳහා එක්ව සාකච්ඡා පවත්වා තිබූ අතර, එම සාකච්ඡා සාර්ථක වීමෙන් පසුව මෙම පහසුකම ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන Debit හෝ Credit කාඩ්පතක් PayPal ගිණුමට සම්බන්ධ කර ගෙවීම් ලබා ගැනීමට හැකි අතර, ආරම්භක අදියරේදී සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුවේ ගිණුම් මේ සඳහා භාවිත කළ හැකිය.

එසේම, විදේශයක සිටින පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ PayPal ගිණුම් වෙත සෘජුව මුදල් යොමු කිරීමේ හැකියාවද මේ සමඟ හිමිව ඇති බව සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: