hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 17, ප.ව. 10:12



තලපති විජේගේ තමිලාග වෙට් රි කලගම් පක්ෂය කේරළයේ සිය කටයුතු අරඹා තිබෙනවා.

අද දින එම පක්ෂයේ සාමාජිකයන් බඳවාගැනීම සඳහා පලක්කාඩ් සහ ත්‍රිසූර් හි රැස්වීම් පැවැත්වුණා. මීට පෙර වයනාඩ් හිදී ද එවැනි රැස්වීමක් පවත්වන ලදැයි වාර්තා වනවා.

වයනාඩ් යනු කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිගේ සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධි වද්‍රා නියෝජනය කරන ආසනය යි. ත්‍රිසූර් යනු බීජේපීය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සුරේෂ් ගෝපිගේ ආසනයයි.

කේරළයේ තලපති විජේගේ රසිකයන් රැසක් සිටිනවා. මීට පෙරදී ද TVK පක්ෂය එහි ව්‍යාප්ත කිරීමේ අවදානයක් යොමුව තිබූ නමුත් එය සිදුවූයේ නැහැ. විජේ මහ ඇමති ධුරයට පත්වීමත් සමග එම කාර්යය සඳහා නැවත අවදානය යොමුවුණා.

අද පැවති රැස්වීම් සඳහා තරුණයින්ගේ සහභාගීත්වය වැඩි වශයෙන් දකින්නට ලැබී තිබුණා.