2026 මැයි 20, ප.ව. 12:03
දේශීය වෙළඳපොලේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇති බව නිලධාරීහු අද (20) තහවුරු කළහ.
නවතම මිල සංශෝධනයට අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම කිලෝග්‍රෑම් 1 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
මෙම මිල සංශෝධනය සමඟ දෛනික පාරිභෝගික භාණ්ඩවල වියදමට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
මේ අතර, රුපියල අවප්‍රමාණය වෙමින් අඛණ්ඩව ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ ආනයනික භාණ්ඩ රැසක මිල ඉදිරියේදී ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ ලේකම්, සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ අනුව ඉදිරියේ දී සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යනු ඇති බවය.
2026 මැයි 20, ප.ව. 1:27
2026 මැයි 20, ප.ව. 12:49
2026 මැයි 20, ප.ව. 12:30
2026 මැයි 20, ප.ව. 12:15
2026 මැයි 20, පෙ.ව. 12:31
18-03-25
18-03-25
10-09-24
10-09-24
10-09-23
10-09-23
16-11-22
16-11-22
04-10-22
04-10-22
22-08-22
22-08-22