hit counter

2026 මැයි මස 23 වන සෙනසුරාදා

2026 මැයි 24, පෙ.ව. 12:19



 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව නියමිත කාලසීමාවන් තුළ මෙරටට ලැබිය යුතු මූල්‍ය වාරික නොලැබීම හේතුවෙන් රුපියලේ අගය පාලනයකින් තොරව කඩාවැටෙමින් පවතින බව හිටපු මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, අදාළ ගිවිසුම්වල කොන්දේසි උල්ලංඝනය වීම හේතුවෙන් මේ වන විට රටට ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන 700ක පමණ ප්‍රමාණයක් ලැබී නොමැති බවයි.

රුපියල මෙලෙස දරුණු ලෙස අවප්‍රමාණය වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව එය බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල පාලනයෙන් ගිලිහී ඉතා වේගයෙන් පහත වැටෙමින් පවතින බවත්, මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වහාම මැදිහත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් මහ බැංකුවත්, ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාත් ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතු බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: