2026 ජූනි 01, පෙ.ව. 12:15
කාන්තාවන් අතර වර්තමානයේ බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා මෙන්ම පියයුරුවල ඇති වන වෙනත් ඕනෑම අසාමාන්‍ය ගැටිති හෝ දේශගුණික වෙනස්කම් ඉතා මුල් අවධියේදීම නිරවද්‍යව හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5 ක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධානතම රෝහල් පහක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල යන රෝහල් මඟින් මහජනතාව වෙත සපයනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන යන්ත්‍ර ලබාදීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම අතිනවීන උසස් තාක්ෂණයෙන් යුත් එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක් වන අතර, ඒ අනුව ලබාදීමට නියමිත සමස්ත උපකරණවල මුළු මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 765 ක් වැනි අතිවිශාල මුදලක් වන බවයි. මෙරට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන සහ අනුග්‍රහය සපයා ඇත.
මෙම නවතම වැඩපිළිවෙළට අමතරව, පවතින හදිසි සායනික අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද දැනට භාවිත කරනු ලබන මට්ටමේ පවතින තවත් මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් (02) කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.
දැනට දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල මැමෝග්‍රැෆි යන්ත්‍ර 16 ක් පමණක් සක්‍රීය සේවයේ යොදවා ඇති පසුබිමක, මෙම නව උපකරණ පද්ධතිය ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එකතු වීමත් සමඟ සමස්ත සක්‍රීය මැමෝග්‍රැෆි යන්ත්‍ර සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.
2026 ජූනි 01, පෙ.ව. 12:25
2026 ජූනි 01, පෙ.ව. 12:16
2026 ජූනි 01, පෙ.ව. 12:13
2026 ජූනි 01, පෙ.ව. 12:11
2026 ජූනි 01, පෙ.ව. 12:11
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26