hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 04, ප.ව. 9:12



ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුනු 41කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත් වුණා.

ජැමෙයිකාවෙ කිංස්ටන් හී මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ ඇරඹි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස් කළා.

එහිදි පැතුම් නිස්සංක ලකුණු 79ක් සහ නායක කුසල් මෙන්ඩිස් පන්දු 62කින් ලකුනු 72ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2කදී ලකුණු 262කට දැවී ගියා.

දුෂ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව එක්දින තරගාවලිය 1-0 ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගන්නා අතර මීළඟ තරගය ලබන ඉරිදා ජැමෙයිකාවේදිම පැවැත්විමට නියමිතයි.