2026 ජූනි 08, පෙ.ව. 9:25
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුගේ සුවදුක් බැලීම සඳහා රෝහලට ගිය බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සලේ මහතා මේ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයක පසුවන බවයි.
ඔහු දින දෙකක් තිස්සේ ආහාර හෝ ජලය බිංදුවක් පවා පානය නොකිරීම හේතුවෙන් දැඩි ලෙස විජලනයට (Dehydrated) පත්ව ඇති බව ඇය සඳහන් කළාය.
රෝහල් ගත කරන අවස්ථාව වන විට ඔහුට හිටගෙන සිටීමට පවා ශක්තියක් නොතිබූ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මේ වන විට ඔහුට අත් දෙකටම සේලයින් ලබා දෙමින් ප්‍රතිකාර කරන බවත්, විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) ප්‍රතිකාර ලබන ඔහුට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවද ඇය පැවසීය.
තම සැමියා කිසිදු ප්‍රතිකාරයක් ලබා ගැනීමට හෝ උපවාසය අත්හැරීමට කැමැත්තක් නොදැක්වූ බවත්, ඔහු ඉතා අසීරු මානසික තත්ත්වයක පසුවන බවත් ඇය පැවසුවාය.
මරණය තෙක් උපවාසය ගෙන යාමේ අරමුණින් ඔහු සිය අවසන් කැමති පත්‍රය ලිවීම සඳහා නීතිඥයෙකු ගෙන්වන ලෙස ඉල්ලා ඇති අතර, මරණයෙන් පසු සිය දෑස් දන් දීමටද කැමැත්ත පළ කර තිබේ.
2026 ජූනි 08, පෙ.ව. 9:51
2026 ජූනි 08, පෙ.ව. 9:28
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:16
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26