hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2026 ජූනි 08, ප.ව. 2:08



ඊයේ(07) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පසුගිය පෙබරවාරි 25 වැනිද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත CID භාරයේ රඳාවා තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.

එහිදී සුරේෂ් සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමානුෂික හා කෘෘර අයුරින් සලකා ඇති බවත්, ඒ අනුව ඔහු මාරාන්තික උපවාසයක් අරඹා ඇති බවත් වාර්තා වූ පසුබිමක ඔහු මෙසේ හදිසියේ රෝහල් ගත කෙරුණා.

මේ අතර සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් අද(08) දින පෙරවරුවේ සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීයි.

එය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඇරඹූණා.

කෙසේ වෙතත් මෙහිදී සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට අසුන්ගැනීම සඳහා එම ස්ථානයට ආසන කිහිපයක් රැගෙන ඒමට උත්සාහ දැරීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.

එමෙන්ම මෙම සත්‍යග්‍රහයට සුරේෂ් සලේගේ මව එක් වූ අතර එහිදී තම පුතා වෙනුවෙන් පෙළ ගැහුණු පක්ෂ වෙත ඇය ස්තූති කර සිටියා. එසේම ඇය එහිදී සඳහන් කළේ,

“මම ආවේ වොයිස් කට් දෙන්න නෙවෙයි. මගේ පුතා වෙනුවෙන් කරන දේට මේ පුතාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. මම දැන් මෙහෙම්ම යනවා හොස්පිටල් එකට. මට බලන්න දෙන් නැතුව ඉන්න බෑ මම වදාපු දරුවා මටයි තියෙන්නේ හැඬීම දරුවගේ. කාදිනල්තුමාලා අයියෝ කියලා වැඩක් නෑ මන් අනුන් ගැන විවේචනය කරනවා නෙවේ.. ඒගොල්ලෝ ආගම ධර්මය නෙවෙයි කරන්නේ දේශපාලනය, හරි වැරදි තේරෙන්නැති මිනිස්සු…ඔය ශානි අබේසේකරලා මම අතනදිත් කිව්වා එයා දේවත්වයෙන් සලකන්න ඕන මනුස්සයෙක් එයා ඒ පුටුවේ ඉන්නකොට අපිට වැඩක් කර ගන්න බෑ ඒ නිසා එයාව හෙමින් අයින් කරන්න කියලා. ඒ කියන්නේ රටට සේවය කරන මිනිහා අයින් කරලා ඒ ගොල්ලෝ බැහැගෙන ඒගොල්ලෝ ඩැහැ ගන්නවා.”  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: