hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2026 ජූනි 08, ප.ව. 2:25



මේ රටේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියව ත්‍රස්ථවාදී පනත යටතේ ත්‍රස්ථවාදියෙක් විදිහට අත් අඩංගුවට අරගෙන තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කර තිබේ.

ඔහු මේ පිළිබද සදහන් කර ඇත්තේ අද උදෑසන සලේ වෙනුවෙන් පැවති සත්‍යග්‍රහයට එක්වෙමිනි .

ඔහු තව දුරටත් සදහන් කර ඇත්තේ මෙවැන්නක්

”ආණ්ඩුව හිතනවනම් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේස් සලේ කියලා ආණ්ඩුවට සම්බන්ධ අය හිතනවනම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාතමක කරාට ඒ පිළිබද අපේ විරුද්ධත්වයක් නෑ . නමුත් අද රටේ මේක නෙමේ වෙලා තියෙන්නේ මේ රටේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියව ත්‍රස්ථවාදියෙක් විදිහට අත් අඩංගුවට අරගෙන ත්‍රස්ථවාදී පනත යටතේ අත් අඩංගුවට අරගෙන. ඔහු පළවෙනි දිනයේ සැකරුවෙක් නෙමේ කියද්දිත් අත් අඩංගුවට අරගෙන පස්සෙ තමා කිව්වෙ සැක කරුවෙක් කියලා .මාස තුනක් ඇති මේ සියළුම කරුණු අනාවරණය කරන්න .සුරේස් සලේ  අත් අඩංගුවට  අරගෙනත් ඊට වැඩි කාලයක් ගිහින් . රට පැනලා ඉන්න වරෙන්තු කාරයගේ ශාක්කියක් කියලා මිසක් වෙන කිසිම ශාක්ෂියක් නෑ .මේ සුරේස් ශලේව වද බන්ධන වලට ළක් කරමින් . මේ  රටේ සාමාන්‍ය මනුශ්‍යෙකුට නොදිය යුතු වද වේදනා වලට ළක් කරනවා .සෙව්වන්දිට සැප දෙන ශානිගෙ වදකාගාරෙ සලේට වද දෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: