hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 13, ප.ව. 3:40



ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමට මුදල් ලබාදුන්නේ කොටි ඩයස්පෝරාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.

ඔවුන් මුදල් ලබාදී බලාපොරොත්තු වුණේ ඊ#ම නැවත ලබාගැනීම බවත්, මේ වනවිට කොටි ඩයස්පෝරාවත් මුළු රටමත් බොරුවෙන් රවටා ඇති බවත්, මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සංවිධානය කර තිබූ ‘මෙහෙවරක ප්‍රණාමය’ උත්සව අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ,

“අපි.. ඒ කියන්නෙ කොටි ඩයස්පෝරාව ටිල්වින්ට සල්ලි දුන්නේ සලේව ඇතුළට දාන්න නෙවෙයි. මහින්ද වගේ නායකයෝ ඇතුළට දාන්න. ඩයස්පෝරාව තමයි මාලිමාවට බලයට එන්න සල්ලි දුන්නේ. අපි හිතුවේ ඊ#ම දෙයි කියලා. ඊ#ම තියා සරමක්වත් අරන් දෙන්න බැරි ආණ්ඩුවක් මේක. රටටම පච කියන මේ ආණ්ඩුවට ආයෙ නම් අපි සල්ලි දෙන්නේ නෑ” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: