2026 ජූනි 17, පෙ.ව. 12:15
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේ වන විට දැඩි ලෙස රෝගාතුරව පසුවන බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
සුරේෂ් සලේ මහතාගේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, තමාට ඔහුව බැලීමට යාමට අවස්ථාවක් නොලැබුණු නමුත්, සලේ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඔහුව බැලීමට ගොස් ඇති බවයි.
ඔහු අවධාරණය කළේ, සුරේෂ් සලේ මහතා තමන් සතු බුද්ධි තොරතුරු අනවශ්‍ය පාර්ශවයන් වෙත ලබා නොදීමේ දැඩි ස්ථාවරයක පසුවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“සලේව බලන්න නම් ගියේ නෑ. අපිට යන්න බෑ. එයාව බලලා තියෙනවා ඔහුගේ බිරිඳ සහ පුතා. ඔවුන් කියන්නේ ඇත්ත වශයෙන්ම ඔහුට ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් දැන් ඉන්නේ. කතා කරන්නත් බැහැ. මොකද ඔහු ඇත්ත වශයෙන්ම ඔහුගේ ආහාර වර්ජනය ඔහු කරන්නේ ප්‍රතිපත්තිමය හේතුවක් මත. මොකද ඔහු මිය ගියත්, ඔහුගේ බුද්ධ තොරතුරු අනවශ්‍ය අයට නොදෙනවා කියන එක තමයි ඔහුගේ ස්ථාවරය වන්නේ. ඉතිම් ඒක තමයි ඇත්ත වශයෙන්ම රටට හිතැති, ජාතික ආරක්ෂාවට හිතැති දේශප්‍රේමි අය තමයි ඒ විදියට කරන්නේ. තමාගේ ජීවිතේ ගියත් ජාතික ආරක්ෂාව පාවා දෙන්නේ නෑ. ඒක හරිම අවාසනවන්ත තත්ත්වයක්. ඔහු ජීවත් විය යුතුයි. මම ඔහුටත් කියන්නේ නැත්නම් ඔහුගේ බිරිඳටත් කියන්නේ කරුණාකරලා ආහාර අරගෙන තමාගේ ජීවිතය රැකගන්න. එතකොට අපිට පුළුවන් ඉදිරියේදී ඔහුට විරුද්ධව අසාධාරන වැඩ කරන අයට විරුද්ධව අපට නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙන්න.”
2026 ජූනි 17, පෙ.ව. 12:13
2026 ජූනි 17, පෙ.ව. 12:11
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 17, පෙ.ව. 12:10
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26