hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ජූනි 17, ප.ව. 2:46



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා හෙට (18) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවය. 

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: