hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 18, ප.ව. 12:24



ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.0672ක් වශයෙන් සටහන් විය. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 329.1875ක් ලෙසයි.

මේ අතර ඊයේ(17) දිනට සාපේක්ෂව අද (18) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට අධිප්‍රමාණය වී තිබෙන අතර, සමහර බැංකුවල විකුණුම් අනුපාතය රු. 339 ක් ලෙස සටහන් වේ.

ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.25 සිට රුපියල් 329.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 339.50 ක් වශයෙන් නොවෙනස්ව පවතියි.

NDB බැංකුවේ, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.50 සිට රුපියල් 330 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 339.50 සිට රුපියල් 339.00 දක්වා අඩු වී ඇත.

මහජන බැංකුවේ, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.87 සිට රුපියල් 328.13 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 349.21 සිට රුපියල් 338.46 දක්වා අඩු වී ඇත.

එමෙන්ම කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 328.56 සිට රුපියල් 328.06 දක්වාත් විකුණුම් අනුපාතය රුපියල් 338.50 සිට රුපියල් 338.00 දක්වාත් අඩු වී ඇති බවයි.

සම්පත් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 329.00 සිට රු. 329.50 දක්වා සහ රු. 338.00 සිට රු. 338.50 දක්වා ඉහළ ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: