hit counter

2026 ජූනි මස 21 වන ඉරිදා

2026 ජූනි 21, ප.ව. 10:17



T 20 ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය විය.

එංගලන්තයේ බ්‍රිස්ටෙල්හිදී පැවැතුණු තරගයේ ප්‍රථමයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

නිලක්ෂිකා සිල්වා ලකුණු 30ක් සහ කවිෂා දිල්හාරි ලකුණු 21ක් රැස් කළහ.

Image – Icc

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කය තරගයේ 16.1 වැනි පන්දුවාරයේදී පසුකර යෑමට කොදෙව් ක්‍රීඩිකාවන් සමත්වූහ.

මෙම පරාජයත් සමග Group 2 කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ක්‍රීඩාකළ තරග 3ම ජයගත් කොදෙව් කාන්තා කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.