2026 ජූනි 23, පෙ.ව. 12:11
වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව පවසමින් මේ දිනවල උද්ඝෝෂණය කරන ඇතැම් ගොවි නායකයින් යැයි කියාගන්නා කසිප්පු ජාවාරම්කරුවන්ගේ තොරතුරු ජනතාවට හෙළිකිරීමට ආණ්ඩුව ඉදිරියට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
“වී මුදලාලිලා ගාව විශාල ප්‍රමාණයක් තියෙනවා. ගොවියෝ ගාවත් පොඩ්ඩක් තියෙනවා, ගොඩක් නෑ. ගොවියන්ගේ වී මිලදී ගන්න කියලා වී අලෙවි මණ්ඩලය විවෘත කළොත් මුදලාලිලා 120ට දෙනවා. ඒ නිසා දැන් මිලදී ගන්න බෑ, නැවත කපන වෙලාවේ තමයි ආයෙත් අපිට වී මිලදී ගන්න වෙන්නෙ. අරලගංවිල ටවුන් එකේ මේ වගේ පොඩි පිරිසක් තියාගෙන – 30ක්වත් නෑ – කිංස් නෙල්සන් මහත්තයා එතෙන්ට වැඩම කරලා උද්ඝෝෂණයක් කළා. ඒගොල්ලො හිතාන ඉන්නෙ දැන් ගොවියො බහින්න හදන්නේ සජබෙ ආණ්ඩුවක් හදන්න, යූඑන්පී ආණ්ඩුවක් හදන්න, ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවක් හදන්න කියලා.
ජනතාවට එහෙම අමාරුවක් නෑ. ජනතාවගේ ප්රශ්නය ආණ්ඩුවට කියනවා, ඒක අපිට තේරෙනවා. අපි ඒ ප්‍රශ්නවලට උත්තරත් හොයනවා. සජබෙ යූඑන්පියේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල ඉන්න ඒගොල්ලොන්ගෙ ගමේ ගොවියාගෙ ප්‍රශ්න විසඳන්න බැහැ. එතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙ. දැන් අපි ඉස්සරහට ඔය ගොවි නායකයින් කියන අයගේ කුප්‍රකට දේවල් ඉස්සරහදී හෙළිකරනවා.
ප්රවෘත්ති සාකච්ඡාවල ඉන්න මහත්තුරු මතක තියාගන්න ඒගොල්ලො මේ රජයෙන් භුක්ති විඳින ප්‍රමාණය අපි ජනතාවට කියනවා. සමහර ගොවි නායකයො කියලා ඉන්න අය ඔය ඔය වෙන දූෂණ කරන අය. සමහර අය කසිප්පු පෙරනවා ගම්වල. ඉතින් ආණ්ඩුව පෙරළාගන්න ඕනෙ, ඇයි ඒ ? ඒවාට සහයෝගය ගන්න ආණ්ඩුවක් හදාගන්න.”
නි. අමාත්‍ය ටී. බී. සරත් නියෝජ්‍ය මේ බව පැවසුවේ අරලගංවිල ග්‍රාමීය මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
2026 ජූනි 23, පෙ.ව. 12:13
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:09
2026 ජූනි 23, පෙ.ව. 12:09
2026 ජූනි 23, පෙ.ව. 12:08
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
14-06-26
14-06-26