2026 ජූනි 25, පෙ.ව. 10:33
වෙනෙසුවේලාවට එරට වෙලාවෙන් ඊයේ සවස 6 පසුවී ස්වල්ප වෙලාවකින් (ලංකාවේ වෙලාවෙන් අද අලුයම) භූ කම්පන දෙකක් බලපෑවා.
කරාකස් නගරයට කිලෝමීටර් 168 ක් බටහිරින් පිහිටි මොරෝන් නගරය ආසන්නයේ කිලෝමීටර් 13 ගැඹුරෙහි අපිකේන්ද්‍රය පිහිටි මෙම භූ කම්පන දෙකෙන් පළමුවැන්න මැග්නිටියුඩ් 7.5 කින් යුතු වූ අතර ඉන් තත්පර 39 කට පසුව මැග්නිටියුඩ් 7.2 ක පසුකම්පනයක් සිදුවුණා.
මෙම භූ කම්පන 1900 න් පසු වෙනෙසුවේලාවට බලපෑ දරුණුම භූ කම්පනය ලෙසයි සැලකෙන්නේ.
කරාකස් අගනුවරට උතුරින් පිහිටි ලා ගුවයිරා නගරයට මෙම කම්පනවලින් දැඩි හානි සිදුව තිබෙනවා. කරාකස් නගරයේදී ගොඩනැගිලි කඩාවැටී තිබෙන බව වාර්තා වනවා. ජීවිත හානි ප්‍රමාණය 1000 ඉක්මවිය හැකි යැයි ඇමරිකා එක්සත් ජනපද භූගර්භ මිනුම් ආයතනය අනුමාන කරනවා.
වෙනෙසුවේලා අන්තර්වාර ජනාධිපතිණි ඩෙල්සි රොඩ්රිගුවේස් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළා.
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10