hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 26, පෙ.ව. 12:12



පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක් (12) අද (26) සිට ලබන ජූලි 02 දක්වා වසා තැබෙන බව උතුරුමද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත මහජනතාවගේ සහ ප්‍රභූ ආරක්ෂාව සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් ස්ථාන වශයෙන් යොදවා ගන්නා බැවින් මේ පාසල් වසා තැබෙන බවයි.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා ඇත මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිඛිතව අනුමැතිය ලබාදෙමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

 මේ අනුව අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකාව, විවේකානන්ද, වලිසිංහ හරිශ්චනද්‍ර, මහා බෝධි, දේවානම්පියතිස්ස , නිවන්තක චේතිය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය යන පාසල් මෙන්ම ගලෙන් බිඳුණු වැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලයේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලය කනිෂ්ඨ විද්‍යාලයද මේ සතිය පුරා වසා තැබෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: