2026 ජූනි 25, ප.ව. 11:59
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් සිටි සිංගප්පූරුවේ ලියාපදිංචි භාණ්ඩ ගෙනයන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය සඳහන් කළේ ඕමාන වෙරළට ඔබ්බෙහි ස්ථානයකදී සිදුව ඇති ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.
ඇමරිකානු නිලධාරීන් දෙදෙනකු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග සඳහන් කර ඇත්තේ අලුතින් ඇතිකරගත් ගිවිසුමෙහි පැවැත්ම පරික්ෂා කිරීමට ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමෙන් අනතුරුව නෞකා ගමනාගමනය වැඩියෙන් සිදුවූයේ ඕමානයට ඔබ්බෙන් වන මාර්ග ඔස්සේයි. මේ පිළිබඳ ස්වකීය අප්‍රසාදය පළ කරමින් ඉරානයේ ඉස්ලාමික මුරභට හමුදාව අනතුරු අඟවා තිබුණේ තමන් විසින් අවසර නොදුන් මාර්ග ඔස්සේ නෞකා ගමන් නොකළ යුතු බවයි.
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10