2026 ජූනි 26, පෙ.ව. 10:31
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් නියෝග මත පසුවන ස්ථානයෙන් වෙනස් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ (සජබ) හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී වතුරංග යන අයයි.
නඩු විභාගය අතරතුර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඔවුන් මුහුණ දී සිටින බරපතළ සෞඛ්‍ය ගැටලු කිහිපයක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කරන ලදී.
රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා නින්දේදී හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් වන ‘ස්ලීප් ඇප්නියා’ (Sleep Apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින පුද්ගලයකු බවයි.
චරිත් අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවාදායකයා දීර්ඝ කාලීන හෘද රෝගියකු බවයි. ඔහුට මේ වනවිටත් හෘද සැත්කම් මඟින් ‘ස්ටෙන්ට්’ (Stent) 3ක් බද්ධ කර ඇති අතර, තවත් ‘ස්ටෙන්ට්’ 5ක් බද්ධ කිරීමට නියමිතව ඇති බව ද දන්වා සිටියේය.
එමෙන්ම, ඔහු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයකුට වැළඳිය හැකි සියලුම ආකාරයේ රෝගාබාධයන්ට අවාසනාවන්ත ලෙස ගොදුරු වී සිටින බව ද නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.
2026 ජූනි 26, පෙ.ව. 10:56
2026 ජූනි 26, පෙ.ව. 10:52
2026 ජූනි 26, පෙ.ව. 12:19
2026 ජූනි 26, පෙ.ව. 12:18
2026 ජූනි 26, පෙ.ව. 12:16
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
23-06-26
23-06-26
13-06-26
13-06-26
07-06-26
07-06-26
01-06-26
01-06-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
07-05-26
07-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26