2026 ජූලි 01, පෙ.ව. 10:23
කඩුවෙල නගරයේ සති කිහිපයක් තිස්සේ කුණු එකතු නොකර ඩෙංගු උවදුර වර්ධනය සඳහා කටයුතු කරමින් ඇතැයි අභූත චෝදනා නගන සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇතැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසයි.
“කඩුවෙල මහ නගර සභාව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යයක විශාල ප්‍රචාරයක් කරලා තිබ්බා. ඔවුන් රටේ ජනතාවට වැරදි අවබෝධයක් හදන්න උත්සාහ කරලා තිබ්බා කඩුවෙල මහ නගර සභාව මේ කුණු ප්රශ්නය සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නැහැ, ඩෙංගු මදුරු උවදුර වර්ධනය කරමින් දැවැන්ත කුණු ගොඩවල්වලින් පිරිච්ච, ඩෙංගු මදුරුවෝ උත්පාදනය කරන තිඹිරිගෙයක් බවට පත්වෙලා තියෙනවා කියන කාරණය තමයි මතුකරන්න.
විශේෂයෙන්ම කඩුවෙල මහ නගර සභාව, කුණු ජනතාව එළියට දාපු සැණින් එකතු කරගැනීමට පුළුවන්කමක් නෑ. සාමාන්‍යයෙන් පැය දෙක තුනක් – අඩුගාණෙ රාත්‍රියේ එළියෙ තිබ්බ කැලි කසළ පසුදා පෙරවරු 10.00 ට වගේ තමයි ගිහිල්ලා ගන්නෙ 12.00 ට පෙර. අන්න ඒ කාල වකවානුව තුළ සැලසුම් කරලා, ඉලක්ක කරලා ඒ කුණුගොඩවල් අරගෙන මාධ්‍ය හරහා රටට පෙන්වලා වැරදි අවබෝධයක් හදන්න දරපු උත්සාහයක් තිබ්බා.
මම ඉල්ලීමක් කළා ඒ මාධ්‍යවේදී මහත්තයාගෙන් එහෙම කරන්න එපා, අපෙ අඩුපාඩු පෙන්වලා දෙන එක මාධ්‍යවල වගකීමක් යුතුකමක්. නමුත් මෙහෙම සැලැස්මක් තියෙනවා. අපි ජනතාවට කියන්න ඕනෙ, කඩුවෙල ජනතාවට, සතියේ හැම සඳුදා දිනකම පෙරවරු 09.00 සිට 11.00 විතර වෙනතුරු අපි පූර්ණ සාකච්ඡාවක් කසළවලට අදාළ සියලුම නිලධාරීන් එක්ක කරනවා. එහෙම සාකච්ඡා කරලා ජනතාවගේ කසළ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න අපි කටයුතු කරනවා.
එළඹෙන 2027 වෙනකොට සම්පූර්ණයෙන්ම කුණු සම්බන්ධයෙන් ජනතාවට මැසිවිලි නඟන්න, චෝදනා නඟන්න ඉඩනොදී සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ කියන්නෙ 2027 වෙනකල් මොකුත් කරන්නෑ කියන එක නෙවෙයි, අපි දැනටත් ක්‍රියාමාර්ග ගණනාවක් තෝරලා තියෙනවා.”
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මේ බව පැවසුවේ කසළ ප්රශ්නය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවට එල්ලවී ඇති චෝදනාවන්ට ඊයේ (30) මාධ්‍ය කැඳවා පිළිතුරු ලබාදෙමිනි.
2026 ජූලි 01, ප.ව. 12:58
2026 ජූලි 01, ප.ව. 12:40
2026 ජූලි 01, පෙ.ව. 10:28
2026 ජූලි 01, පෙ.ව. 9:59
2026 ජූලි 01, පෙ.ව. 12:33
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26