hit counter

2026 ජූලි මස 01 වන බදාදා

2026 ජූලි 01, ප.ව. 12:58



ගොවියා රජෙක් බවට අතීතයේ පටන් කරන ප්‍රකාශ්‍ය අසත්‍යයක් බවත් ගොවීන් තමන් පමණක් රජවරුන් යැයි සිතා කටයුතු නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

රටේ පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වාරි මාර්ග ඉදිකිරීම් සහ පොහොර සහනාධාරය ආදී කටයුතු ඔස්සේ කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ගොවීන් නිරන්තරයෙන් වී මිල පිළිබඳව පමණක් අවධානය යොමු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වී මිල ඉහළ යන විට සහල් මිල ද ඉහළ යන බැවින් සහල් මිලදී ගන්නා පාරිභෝගිකයා පිළිබඳව ද සිතා සමස්ත ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතු බව කියා සිටියි.

වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබාදිය යුතු බවට යෝජනා කරන පාර්ශ්වම ගොවියාගෙන් වී ටික රුපියල් 90-95ට මිලට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

රට වටේම මුහුද තියාගෙන සැමන් පිටරටින් ගෙන ආ යුගය දැන් අවසන් වී ඇති බවත් 99%ක් හොඳ වැඩ සිදුවන විට 1%ක අඩුපාඩුවක් සොයාගෙන එය ප්‍රවෘත්ති බවට පත්කිරීමේ වත්මන් මාධ්‍ය සිදුකරන බවටද ඇමතිවරයා චෝදනා කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ උත්සව සභාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ද සහභාගී විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: