hit counter

2026 ජූලි මස 03 වන සිකුරාදා

2026 ජූලි 04, පෙ.ව. 12:23



මේ ආණ්ඩුව වංචා දූෂණ සියල්ල වහගන්න මිනිස්සු අත්අඩංගුවට ගැනීම තමයි අද කරන්නේ. ඒකේ එක ඉලක්කයක් මම. දැන් මෙයාලා මොකද කියන්නේ? දයාසිරිලා දැන් කෑගහන්නේ එයාට චෝදනා තියෙන නිසා. නෑ එහෙම නෑ.මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි අපි කෑගහනකොට අපිට චෝදනා ගොනු කරනවා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පසුගිය ජූනි 30 වැනිදා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රජයට එරෙහිව හඬ නඟන පුද්ගලයන් නිහඬ කිරීම සඳහා මෙලෙස චෝදනා ගොනු කරමින් පවතින බවත්, ඇප ලබාදීමට නොහැකි වන පරිදි ‘පොදු දේපළ පනත’ යටතේ මොවුන් නඩු පවරන බවයි.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“මෙයාලා වංචා දූෂණ සියල්ල වහගන්න මිනිස්සු අත්අඩංගුවට ගැනීම තමයි අද කරන්නේ. ඒකේ එක ඉලක්කයක් මම. දැන් මෙයාලා මොකද කියන්නේ? දයාසිරිලා දැන් කෑගහන්නේ එයාට චෝදනා තියෙන නිසා. නෑ එහෙම නෑ.මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි අපි කෑගහනකොට අපිට චෝදනා ගොනු කරනවා. දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා පහුගිය ටිකේම ආණ්ඩුවට විරුද්ධව කතා කළා. ඒක නිසා එයාගේ පුතාව දැම්මා ඇතුළට. සුගීෂ්වර බණ්ඩාරත් පහුගිය ටිකේම විරුද්ධව කෑගැහුවා. එයාවත් දැම්මා ඇතුළට. මේ දාන්නේ පොදු දේපල පනත යටතේ . ඇප නෑ එතකොට.

දැන් උදාහරණයක් ගත්තොත් චරිත් අබේසිංහව අත් අඩංගුවට ගන්නේ ගෙදරට ඇවිල්ලා 35ක් විතර වට කරලා. රඛිත රාජපක්ෂව අත්අඩංගුවට ගන්නේ ගෙදර ටොයිලට් එකේ ඉන්නකොට ටොයිලට් එක වටේ 8 දෙනෙක් විතර වටකරගෙන ඉදලා.

අපිවත් හෙට අනිද්දා අත්අඩංගුවට ගනී. මහේස්ත්‍රාත්ට ඇප දෙන්න බෑ. මොකද පොදු දේපල පනත යටතේ තමයි දාන්නේ. ඒකේ තියෙන නීතිමය කරුණ තමයි ඔප්පු කරන්න පුලුවන් විශේෂිත කරුණු නැත්තම් මහේස්ත්‍රාත්ට බලයක් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ. ඊට පස්සේ කරන්නේ මාස දෙකකට හෝ දවස් 14කට ඇතුලට දානවා…” යයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙම වැඩසටහනේදී වැඩි දුරටත් පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: