2026 ජූලි 07, ප.ව. 5:51
අද (07) දින රැස් වූ පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්රී අර්චුන රාමනාතන් විසින් මීගමුව බන්ධනාගාරයේ රැදවියන් අතර සිදු වූ ගැටුම පිලිබදවත් ඔහු බන්ධනාගාර ගතව සිටින විට මුහුණ දුන් සිදුවීම් පිලිබදවත් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය.
එහිදී ඔහු පවසා සිටියේ,
“මම ඉල්ලනවා මේ ඇමතිලා සුනිල් වටගල ඇමතිවරයා එක දවසක් හිරේ ඉදලා බලන්න.මම හිරේ ඉද්දි මට කතා කරලා එන්න කිව්වා ලෙඩ්ඩු දෙන්නෙක් බලන්න ඩොක්ටර් කියලා.මගේම ඉස්සරහ තුන් දෙනෙක් මැරුණා. 2026 සැප්තැම්බර් මාසයේ 26 ඉදන් ඔක්තෝබර් 9 වෙනකම් 3ක් මගේ ඉස්සරහා මැරුණා.එකක් හාර්ට් ඇට්ටෑක්.මම දන්නවා මම බෙහෙත් ඉල්ලුවා ඇස්ප්රින් ඉල්ලුවා බෙහෙත් ඉල්ලුවා නෑ මොනවත් නෑ තියෙන්නේ පැනඩෝල් විතරයි ඒකෙන් බේරන්න පුලුවන්ද ඉතින් ලෙඩා මැරුණා.මම ඩොක්ටර් විදිහට වැඩ කරා හිරේ ඉදලා.දවස්ක් කෙනෙක්ට හුස්ම ගන්න බෑ කියලා එන්න කිව්වා.මම දිව්වා ගියාම තියෙන්නේ ඩිස්ට්රිල් වෝටර් විතරයි. එයත් මැරුණා.තව එක්කෙනෙක් හිරකරුවන් ඇතුළේ ගහලා මැරුණා ගැහුවට පස්සෙ මට කතා කරා හුස්ම ගන්නෙ නෑ ඩොක්ටර් එන්න කියලා. එදා OT ලියපු ඩොක්ටර් ගෙදර.නර්ස් කිව්වා අනේ මම ළග බෙහෙත් නෑ.හොරකම් කරලා බොන නිසා තියාගන්නෑ කියලා.
කවදාහරි එක දවසක් හිරේ ගියානම් ආයේ යන්නේ නෑ.මට කෑම දෙනවා ගෙදරින් මම ඉන්න උන්ට බෙදලා දෙනවා.ඔයාලා හිතනවද ඒගොල්ලෝ කෑම කන්නේ ප්ලේට් එකේ කියලා.නෑ. සෝඩා බෝතලේ කපලා ඒකෙන් තමා කෑම කන්නේ.ගිහින් බලන්න.මම කියන්නේ නෑ රජය වැරදියි කියලා.ඔයාලා උතුරේ හිරේට ගිහින් තියෙනවද.හිරේ ඉන්න අයත් මිනිස්සු කියලා හරියන්නෑ. මම කිව්වා වව්නියා ඇතුලේ බලන්න කියලා ඇමතිට තාම ගියේ නෑ.මම හිරේ ඉද්දි මම ඩොක්ටර් නිසා මට කිව්වා ටොයිලට් එක ඇතුලේ ඉන්න දෙන්නම් කියලා මම කිව්වා ඔයාලගේ මේසේ යට ඉන්න දෙන්න කියලා” ලෙසයි
2026 ජූලි 07, ප.ව. 4:56
2026 ජූලි 07, ප.ව. 2:27
2026 ජූලි 07, ප.ව. 12:30
2026 ජූලි 07, ප.ව. 12:25
2026 ජූලි 07, පෙ.ව. 11:07
07-07-26
07-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26