2026 ජූලි 09, පෙ.ව. 12:30
කිසියම් පුද්ගලයකු විසින් තමන් හට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කරනු ලැබුවහොත් එම ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් තර්ජන තක්සේරු වාර්තා කැඳවා, ආරක්ෂාව ලබාදිය යුතු නම් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ආරක්ෂාව ලබාගැනීම සඳහා නීත්‍යනුකූලව හිමිකම් ඇති ජනාධිපතිවරයා, අගමැතිවරිය, විපක්ෂ නායකවරයා, කථානායකවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට ද ආරක්ෂාව සපයයි. තර්ජන තක්සේරු වාර්තා පදනම් කරගනිමින් හිටපු ජනාධිපතිවරුන්, හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද ආරක්ෂාව ලබාදී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදුකර ඇති තර්ජන තක්සේරු වාර්තා මත පදනම්ව ආරක්ෂාව ලබා දී ඇති ලැයිස්තුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සභාගත කරනු ලැබීය.
ඒ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මහත්ම මහත්මීන්ට ආරක්ෂාව ලබා දී තිබේ. එමෙන්ම නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, වෛද්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න මහත්වරුන්ට ද ආරක්ෂාව සලසයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ශානක්‍යයන් රාසමානික්කම්, එස් ශ්‍රී ධරන් යන අයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව සභාගත පිළිතුරෙහි සඳහන් වේ. එමෙන්ම ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව හිටපු කථානායක කරු ජයසූරිය, එම්.ඒ. සුමන්තිරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන්, ඩග්ලස් දේවානන්දා, සරත් ෆොන්සේකා, හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන් වැනි පිරිසකට ද ආරක්ෂාව සලසා ඇත. මීට අමතරව දැනට ආරක්ෂාව ලබන සම්පූර්ණ වාර්තාව නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා
ඇතුළු බොහෝ පිරිසකට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කර තිබේ. ඒ අනුව ආරක්ෂාවට යොදවා තිබූ එම පිරිස් වෙනත් රාජකාරිවලට යොමුකර තිබෙනවා ද? ඒ අය ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේම තවමත් සිටිනවා ද? යන්න සොයා බැලිය යුතු වේ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා:
“ඇතැම් දේශපාලනඥයන්ට ආරක්ෂාව පිළිබඳ ඇති තර්ජන සම්බන්ධ වාර්තා සලකා බලා ආරක්ෂාව ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට, ඒ වගේම හිටපු ඇතැම් මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තුවේ දැනට සිටින පක්ෂ – විපක්ෂ භේදයෙන් තොරව ඒ ඒ ත්‍රෙට් ඇසෙස්මන්ට් වාර්තා අනුව ආරක්ෂාව සපයා තිබෙනවා. සමස්තයෙන් යම් පිරිසකට ආරක්ෂාව ලබා දී තිබෙනවා.”
2026 ජූලි 09, පෙ.ව. 12:25
2026 ජූලි 09, පෙ.ව. 12:25
2026 ජූලි 09, පෙ.ව. 12:21
2026 ජූලි 09, පෙ.ව. 12:17
2026 ජූලි 09, පෙ.ව. 12:14
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26