hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 ජූලි 09, පෙ.ව. 9:56



මීගමුව බන්ධනාගාර සිදුවීම ආණ්ඩුව, විපක්ෂය මෙන් සැහැල්ලුවෙන් ගෙන නැතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

තේ කඩයක්වත් කර නැතැයි චෝදනා ලද නායකයෙක් වසර දෙකක් ඇතුළත ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගෙන ප්‍රගතිශීලි ගමනක් ගෙනැවිත් ඇතැයිද ඇය ප්‍රකාශ කරයි.

එහෙයින් බන්ධනාගාරයක් බලාගත නොහැකි ආණ්ඩුවක් රටේ ජනතාව බලාගන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නය වලංගු නොවන බවද මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

අදාළ සිදුවීමේ වගකීම ආණ්ඩුව භාරගෙන තිබියදී එය පටු දේශපාලන වාසි සඳහා විපක්ෂය විසින් යොදාගැනීම පිළිකුළින් යුතුව හෙළා දකින බවද නිලන්ති කොට්ටහච්චි සඳහන් කරයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: