2026 ජූලි 12, ප.ව. 2:55
තමන් අනුමත කරන ලද නාවික මාර්ගවලින් ගමන් කිරීම ඇතැම් නෞකා ප්‍රතික්ෂේප කරන බැවින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට සිදුවන බව ඉරාන ඉස්ලාමික මුරභට හමුදා නාවික හමුදාව අද අලුයම ප්‍රකාශ කළා.
ඔවුන් මෙම නිවේදනය නිකුත් කළේ, මෙසේ වෙනත් මාර්ගයකින් ගමන් කළ නෞකාවකට පහරදුන් බව ද පවසන අතරයි.
මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානුවන් දකුණුදිග ඉරානයේ ප්‍රදේශ කිහිපයකට පහර දුන්නා. ඉරානය ද පර්සියන් ගල්ෆ් කලාපයේ ඇමරිකන් කඳවුරු කිහිපයක් වෙත පහරදුන්නා. ජෝර්දානය, කුවේට්, බහරේන් සහ කටාර් හි ඇමරිකන් කඳවුරු මෙසේ ඉලක්ක වී තිබෙනවා.
ඉරානය සඳහන් කළේ ජෝර්දානයේ ප්‍රින්ස් හසන් කඳවුරේ අණදෙන මධ්‍යස්ථානයක් සහ MQ-9 රීපර් ඩ්‍රෝන නවතා ඇති හැඟරයක් ඉලක්ක කර පහරදුන් බවයි. කුවේට්, කටාර් හා බහරේන් හි ඉලක්ක වෙත පහරදුන් බව ද ඔවුන් තහවුරු කළා.
ඇමරිකාව සහ ඉරානය අතර සටන් උග්‍ර වෙමින් පවතින අතරවාරයේදී කටාර් හෝ ඕමාන් හෝ රටවල්වලින් එකකදී දෙපාර්ශවය අතර සාකච්ඡා නැවත ඇරඹීමේ උත්සාහයක අතරමැදිකරුවන් නියැලී සිටිනවා.
2026 ජූලි 12, ප.ව. 3:10
2026 ජූලි 08, පෙ.ව. 10:46
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28