hit counter

2026 ජූලි මස 17 වන සිකුරාදා

2026 ජූලි 18, පෙ.ව. 12:36



සුනාමි ආපු වෙලාවේ මාතර සිරගෙදර විවෘත කර සියලුම සිරකරුවන්ට ගෙදර යන්න දුන්න බවත් අනතුරුව මාස දෙකකට පසු ඔවුන්ට ආපසු පොලීසියට වාර්තා කරන්න දැනුම් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

එනිසා මීගමුව බන්ධනාගාර සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් දොරටු විවෘත කර රැඳෙවියන් පිටවීමට ඉඩ හැරිය යුතුව තිබූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ,

“මිගමුවේ සිද්ධිය බලන්නකෝ. සුනාමියක් වගේනේ ඒ සිදුවීම. සුනාමියේදී මොකක්ද කළේ. මොකක්ද සුනාමි ආපු වෙලාවේ මාතර සිරගෙදර කළේ. මාතර හිරගෙදර ඇරලා ඔක්කොටම ගෙදර යන්න කිව්වා.

ඕනේ නම් ගණන් හදලා බලන්න. සේරම ගෙදර ගියා. මාස දෙකකට විතර පස්සේ කට්ටියට ආපහු වාර්තා කරන්න කිව්වා කිට්ටුම පොලිසියට ගිහිල්ලා රිපෝට් කරන්න කිව්වා. මට මතක විදිහට හිරකාරයෝ 5 දෙනෙක් වගේ තමයි මිසිං වුණේ.

හිරකරුවන් මරණ එකද යුතුකම. ගේට්ටුව ඇරලා යන්න කිව්වා කියලා මොකක්ද වෙන්නේ. එයාලගේ ජාතික හැඳුනුම්පත් කාඩ් නොම්බර තියෙනවා නේ. පාස්පෝර්ට් නොම්බර තියෙනවා. ගුවන්තොටුපොළට දෙන්න පුලුවන් යන්න බැරි වෙන්න. සතියක් දුන්නා නම් එක්කෙනෙක් මැරෙන්නේ නෑ.”

යූටියුබ් නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: