2026 ජූලි 21, පෙ.ව. 12:13
විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළ බවත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ඉවරම කර දැමිය යුතු බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අවධාරණය කරයි.
“2024 අවසානයේ මැතිවරණ දෙකෙන් අපි පළවාහැරියේ කාවද කියන එක හොඳින් වටහාගත යුතුයි. මේ ලෝකයේ සිටින දරුණුතම සංවිධානාත්මක අපරාධ හා ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ සියලුම මහා අපරාධවලින් සමන්විත වූ අපරාධ ජාලයකින් සමන්විත දේශපාලන අධිකාරියක්. ඒවා එකින් එක ගලවන්න අපිට සිද්ධ වුණා. ඒ විපක්ෂය අපි පරාජය කරලා ඉවරයි.
නමුත් අපි ඉතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතුව ඇත. මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරඟ කරන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම්. එන්න ඉන්න නායකයෙක්? නැගී එන නායකයෙක්? වෙන පක්ෂයක්, ව්‍යාපාරයක් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න.
එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍ය ලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි.”
නි. ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මේ බව පැවසුවේ හෝමාගමදී පැවති ආණ්ඩුවේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.
2026 ජූලි 21, ප.ව. 12:47
2026 ජූලි 21, ප.ව. 12:42
2026 ජූලි 21, ප.ව. 12:34
2026 ජූලි 21, පෙ.ව. 11:41
2026 ජූලි 21, පෙ.ව. 12:18
17-07-26
17-07-26
14-07-26
14-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
03-07-26
03-07-26
30-06-26
30-06-26
28-06-26
28-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26