2026 ජූලි 21, පෙ.ව. 12:18
රටේ ආර්ථික වර්ධනයක් සිදුවන බව පැවසුවද ප්‍රායෝගිකව උද්ධමනය සහ ජීවන වියදම දිනෙන් දින ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මහා බැංකුව විසින් උද්ධමනය පාලනය කර ඇති බවට ප්‍රකාශ කළද, බස් ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය සේවා ගාස්තු ඉහළ යාම හමුවේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආර්ථිකය ශක්තිමත් කරන බව පවසන රජය, එහි සැබෑ ප්රතිලාභ ජනතාවට ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතු බව ද ඔහු පැවසීය.
වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් රජය සෘජු පිළිතුරක් ලබා දිය යුතු බව අවධාරණය කළ කරුණානායක මහතා, “එදා වී කිලෝවක් රුපියල් 150කට මිලදී ගැනීමට හැකි වූවා නම් අද එය කළ නොහැක්කේ මන්ද?” යන්න ප්‍රශ්න කර සිටියේය.
වියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන පරිදි ඉල්ලුම සහ සැපයුම මත පදනම්ව වී මිල තීරණය කළ යුතු බව ඔහුගේ අදහසයි.
දේශපාලන ක්ෂේත්රයේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව පවතින බවයි.
ප්රජාතන්ත්රවාදය සුරැකීමට නම් මැතිවරණ පැවැත්විය යුතු බවත්, විශේෂයෙන්ම කල් දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
හිටපු පොලිස්පතිවරයාගේ මරණය ඉතා සංවේදී සිදුවීමක් බවත්, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව වාර්තා කිරීමේදී මාධ්‍ය වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම දෙමළ පක්ෂ එක්වීම පිළිබඳව විවිධ කතා පැවතියද, ජනතා ජයග්‍රහණය උදෙසා සියලු පක්ෂ පොදු අරමුණක් වෙනුවෙන් එක්විය යුතු බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ජූලි 21, ප.ව. 12:47
2026 ජූලි 21, ප.ව. 12:42
2026 ජූලි 21, ප.ව. 12:34
2026 ජූලි 21, පෙ.ව. 11:41
2026 ජූලි 21, පෙ.ව. 12:14
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26