hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2026 ජූලි 21, පෙ.ව. 12:13



 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සතුව බොහෝ තොරතුරු තිබෙන්නට ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම මරණය පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් පවත්වමින් සිටින බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ බැවින්, එම සිදුවීම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකු ලෙස ඔහු සතුව විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙන්නට ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ ද පෙනී සිටිමින් සාක්ෂි ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

පොලිස් පරීක්ෂණවලින් තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බව ද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: