2026 ජූලි 21, ප.ව. 8:24
ඉරානය යුරේනියම් සුපෝෂණය කිරීම සඳහා භාවිතා කරන කේන් ද්‍ර අපසාරික උපකරණ මධ්‍යමදිග ඉරානයේ නටාන්ස් ප්‍රදේශය ආසන්නයේ පික් ඇක්ස් කන්දෙහි ගර්භයෙහි සඟවා ඇතැයි ඊශ්‍රායල බුද්ධි සේවා විශ්වාස කරනවා.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසන පරිදි 2025 ජූනි මාසයේ දින 12 යුද්ධයෙන් අනතුරුව මෙම උපකරණ එහි ගෙනගොස් තිබෙනවා.
මෙම පුවත හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නැවත පණගැන්වීමේ හැකියාව පිළිබඳ කතාබහක් ඊශ්‍රායල සහ ඇමරිකානු බලධාරීන් අතර ඇතිව තිබෙනවා.
විශේෂඥයන් විශ්වාස කරන්නේ පික් ඇක්ස් කන්දෙහි ගර්භයෙහි මීටර් 300 – 450 ක් පමණ අභ්‍යන්තරයට වන්නට මෙම සංකීර්ණය සඟවා ඇති බවයි. ඉරාන ජාතිකයන් විසින් කොලාංග් කන්ද යැයි හඳුන්වන මෙම කන්ද ආශ්‍රිත ප්‍රදේශය කාලයක් තිස්සේ ඇමරිකානු නිරීක්ෂණයට ලක්ව තිබූ බව ද වාර්තා වනවා.
මෙයට පහරදීමේ හැකියාව පිළිබඳ සලකා බලමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූලි 13 වනදා ප්‍රකාශ කළා.
මේ අතර හොර්මුස් සමුද්‍ර සන්ධියෙහි පාලනය සඳහා ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම් දිගටම සිදුවනවා. ඉරානය අද උදෑසන ද තම අවසරයක් නොමැතිව සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට පහර දුන් බව නිවේදනය කළා.
2026 ජූලි 21, ප.ව. 8:10
2026 ජූලි 12, ප.ව. 3:10
2026 ජූලි 12, ප.ව. 2:55
2026 ජූලි 08, පෙ.ව. 10:46
2026 ජූනි 25, ප.ව. 11:59