2026 ජූලි 23, ප.ව. 2:32
අද පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් රටාව සහ සභා විනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.
සභාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, කතානායකවරයා විසින් කිසිදු මන්ත්‍රීවරයෙකුට අයුතු ලෙස හෝ වැරදි ආකාරයෙන් ආමන්ත්‍රණය කිරීම සුදුසු නොවන බවයි.
කථානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රීවරයාට ‘මෝඩ විදියට හැසිරෙනවා’ යනුවෙන් පැවසීම අනුමත කළ නොහැකි බවත්, මූලාසනයේ සිටින කථානායකවරයා ප්‍රථමයෙන් ස්ථාවර නියෝග පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයාගේ හැසිරීම පාර්ලිමේන්තුවට පමණක් සීමා වී නොමැති බවයි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පවා අදාළ මන්ත්‍රීවරයා අසල අසුන් ගැනීමට නොහැකි බවට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, අතීතයේ පාර්ලිමේන්තුවේ බරපතල ගැටුම් පැවති අවස්ථාවලදී පවා කථානායකවරයාට මෙවැනි ආකාරයෙන් කථා නොකළ බවද සිහිපත් කළා.
එක් මන්ත්‍රීවරයෙකුගේ හෝ දෙදෙනෙකුගේ නුසුදුසු හැසිරීම මුළු පාර්ලිමේන්තුවේම ගෞරවයට හානියක් වන බැවින්, පාර්ලිමේන්තු විනය ආරක්ෂා කරගැනීම සඳහා පොදු එකඟතාවයකට පැමිණෙන ලෙස අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා.
මෙම සංවාදයට මැදිහත් වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ අර්චුනා මන්ත්‍රීවරයා මීට පෙරද සභාවේදී තමාට අශිෂ්ට හා අසෝබන ලෙස ප්‍රකාශ කර ඇති බවයි.
එබැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු මන්ත්‍රීවරුන් මීට වඩා විනයක් සහ සංයමයක් සහිතව සභාව තුළ කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද කථානායකවරයා වැඩිදුරටත් පැවසුවා.
2026 ජූලි 23, ප.ව. 2:07
2026 ජූලි 23, ප.ව. 1:39
2026 ජූලි 23, පෙ.ව. 9:38
2026 ජූලි 23, පෙ.ව. 12:19
2026 ජූලි 23, පෙ.ව. 12:18
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
19-07-26
19-07-26