hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2022 ජූලි 29, ප.ව. 12:12



ඉකුත් 26 වැනි දින ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර මෙහිදී තවත් තිදෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමෙන් පසු පස් පොඩ්ඩා තවත් පස් දෙනෙකු සමග කැබ් රථයකින් පිටව යන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර ඝාතකයන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදු කොට පළා ගොස් ඇතැයි ද සඳහන් වුණා.

ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පාතාල අණසක පතුරුවන ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා විදෙස් රටක සිට මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි ද පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙනවා.