2026 අගෝස්තු 05, ප.ව. 2:15
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මව්බිමට අභිමානයක් අත්කර දෙමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග සහ මලල ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් පාලිත බණ්ඩාර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියා.
ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පැවැති උණුසුම් පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ රිදී පදක්කම්ලාභී පාලිත බණ්ඩාර ප්‍රකාශ කළේ, “මේක මගේ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම හම්බවෙන්න ඕනේ පදක්කමක්. අපේ රට වෙනුවෙන් මේ ජයග්‍රහණය ලබාදෙන්න ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා” යනුවෙනි.




මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ගුවන් හමුදාවේ කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කර තිබෙනවා.
රුමේෂ් කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ කටයුතු කළ බව ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඊට අමතරව ඔහු වෙනුවෙන් විශේෂ මූල්‍ය ප්රධානයක්ද ගුවන් හමුදාව පිරිනමනු ලැබුවා.



2026 අගෝස්තු 04, පෙ.ව. 8:21
2026 අගෝස්තු 03, පෙ.ව. 12:25
2026 ජූලි 30, ප.ව. 11:33
2026 ජූලි 30, පෙ.ව. 11:03
2026 ජූලි 29, ප.ව. 5:38