2026 අගෝස්තු 08, පෙ.ව. 12:18
තමන් දැනට භාවිතා කරන දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ඕනෑම දුරකථන සේවා සපයන සමාගමක ජාලයක් (Network) වෙත මාරු වීමේ Mobile Number Portability (MNP) පහසුකම ලබන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර සක්‍රිය කිරීමට රජය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තුව අමතමින් ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ සේවා සම්පාදක සමාගම්වල බලපත්‍ර කොන්දේසිවලට අනුකූලව මෙම පහසුකම මහජනතාව වෙත නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවයි.
මෙම පහසුකම ක්‍රියාත්මක වීමත් සමඟ පාරිභෝගිකයන්ට තමන්ගේ පැරණි අංකයම පවත්වා ගනිමින් තමන් කැමති ඕනෑම ජංගම දුරකථන සේවා ජාලයකට අනුගත වීමේ හැකියාව හිමිවේ.
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 10:10
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 9:55
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:17