2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:19
1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම පනතේ විධි විධාන හා රෙගුලාසි, කාලීන අවශ්‍යතාවයන් හා ධීවර ප්‍රජාවට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
එම පනතට සිදු කළ යුතු යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබේ.
ධීවර විශ්‍රාම වැටුපට දායක වීම මත ලැඛෙන ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා සහ ධීවරයින් වයස්ගතවීමේදී සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස එම කමිටුව විසින් යෝජනා ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේ එකී යෝජනා මත පදනම්ව 1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි.
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:14
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26