hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 අගෝස්‍තු 11, ප.ව. 4:45



ඊයේ දින ඉෂාරා සෙව්වන්දි නඩු කටයුතු සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඇයට මාංචු දමා නොතිබීම සහ ඇය ට්‍රැවලින් බෑග් එකක් රැගෙන එම සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටියා.

ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙවැන්නක්,

මාධ්‍යවේදියා – ඉෂාරා සෙව්වන්දි බන්ධනාගාරයට ගියේ මාංචුත් නැතුව, ට්‍රැවලින් බෑග් එකකුත් අරන්, බැංකොක් ට්‍රිප් එකක් යනවා වගේ ගියේ, මොකද්ද මේ නීතිය එක එක්කෙනාට එක එක විදිහට…?

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස- නීතිය කිසිවෙක් ඉස්සරහා එහෙම වෙන්න විදිහක් නෑනේ, හිටපු මන්ත්‍රීලාට හැමෝටම ක්‍රියාත්මක වන ආකාරයට තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. මම බලන්නම් ඒක මොකද්ද කියලා..!