2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:17
රමරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.
වසර 5කට ආසන්න කාලයක් තුළ දින 245ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ නඩුව (11) රාත්‍රිය වන විට පැමිණිලි පාර්ශ්වයේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම සිදුවිය.
එම පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් පසුව විත්තියේ සාක්ෂි විමසීම සිදුවන අතර අනතුරුව දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදු කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් පවරා ඇති අතර එම නඩු අතරින් නඩු 5ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වන අතර ඉන් නඩු 3ක තීන්දු මේ වනවිට ප්‍රකාශයට පත්කර වැරැදිකරුවන්ට දඬුවම් නියම කර ඇත.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වරදකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කළේය.
මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා 7කට හා දේව ප‍්‍රතිමාවකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවෙන් වැරැදිකරුවන් වූ විත්තිකරුවන් 11 දෙනකුට දඬුවම් නියම කළේය.
මෙම නඩු තුනේ තීන්දු ප්‍රකාශයට පත්ව ඇති අතර තවත් නඩු තුනක තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අලුත්කඩේ පැරැණි මහේස්ත්‍රාත් උසාවි සංකීර්ණයේ ස්ථාපිත කළ නව ගොඩනැඟිල්ල වෙත ගෙන යෑමෙන් පසුව පාස්කු මහ නඩුව දිනපතා විභාගයට ගැනීම සිදුවේ.
2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:10
02-05-26
02-05-26
25-02-26
25-02-26
07-01-25
07-01-25
09-10-24
09-10-24
04-09-23
04-09-23