hit counter

2026 අගෝස්‍තු මස 14 වන සිකුරාදා

2026 අගෝස්‍තු 12, ප.ව. 8:02



ඉන්දියාව සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කළා.

ධනංජය ද සිල්වා නායකත්වය දරණ මෙම සංචිතයට 2023 වසරෙන් පසු නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබීමත් විශේෂත්වයක්.

ඒ කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් මෙම ටෙස්ට් තරගය අහිමිව යෑමත් සමගයි.

දික්වැල්ල පළමු ටෙස්ට් තරගයේදී කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මීට අමතරව යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක කේෂර නුවන්ත පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය කැඳවා තිබෙනවා.

16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු මස 15 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.