hit counter

2026 අගෝස්‍තු මස 20 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 20, පෙ.ව. 12:03



අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට යාමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ මෙම අධිකරණ ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ වසර 25ක් හෝ 30ක් තිස්සේ විභාග වෙමින් පවතින නඩු හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව එම තත්ත්වයෙන් මුදාගෙන, කඩිනමින් සාධාරණය ඉටු කරමින් ජනතාවට විශ්වාසනීය අනාගතයක් ගොඩනැගීම බවයි.

එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

”සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් විතර වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය කියන හැටියට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නම් තුනෙන් දෙකක්. තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් ඕන නම් ඒකත්. ඒකට අනුව අපි කටයුතු කරන්න සූදානම්. ඉතින් අපි හිතන්නේ මේක ගෙනාවේ ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් කරපු ප්‍රතිසංස්කරණයක් ඉස්සරහට අනිවාර්යයෙන්ම යනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: