hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 20, ප.ව. 9:37



නන්දා මාලනි මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය උත්සවයකින් හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනි මහත්මියගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට විජයබා මාවතේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතව තිබේ.

සෙනසුරාදා (22) සවස 3.30ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සවස 05ට සිදු කිරීමට නියමිතය.

ඇයගේ අවසන් කැමැත්ත වී ඇත්තේ කිසිදු රාජ්‍ය උත්සවයකින් හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සරලව අවසන් කටයුතු සිදු කිරීම බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: