2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:32
අද (5) දින යුග දිවියට පිවිසෙන දුශේනි මියුරංගි ඒ ගැන තොරතුරු පවසමින් රංගන ද සිල්වා යූටියුබ් නාලිකාවට පැවසූ කරුණු මෙසේය.
හදිසියේද බඳින්නේ?
නෑ මම හිතනවා ඉතින් අපිට ජීවිතයේ හරි කෙනා මුණගැහුණහම සමහර වෙලාවට ඉතින් අර ජීවිතයේ යම්කිසි settle down වෙන්න හරි, දැන් හරිම peaceful කියලා සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා දැනුණහම මං හිතනවා ඉතින් තමන්ට හොඳට තමන්ගේ career එක,
තමන්ගේ professional life එකේ හැම දේම යම්කිසි තත්ත්වයකට ආවට පස්සේ ඉතින් කසාදයකට යන එක, තමන්ගේ අනාගත ජීවිතය තව කෙනෙක් එක්ක බෙදාගන්න එක, ඉතින් හොඳ සහකරුවෙක් එක්ක බෙදාගන්න ලැබෙන එක හොඳ දෙයක් කියලා ඉතින් වාසනාවක් කියලා.
ජනප්‍රිය රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු. අද අතින් අත ගන්නේ ඔහු සමගයි කොහෙන්ද මේ හමුව සිදුවුණේ?
ඉතින් අපි දෙන්නා මුණගැහිලා ලොකු කාලයක් නැහැ. ඒ වුණාට ඉතින් ඒ කාලවකවානුව තුළ මට තේරුම් ගියා, ඉතින් එයාට මාව තේරෙනවා, මට එයාව තේරෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක අපි දෙන්නා ‘ජහුටා’ ටෙලි නාට්‍යයේදී තමයි හම්බ වුණේ. ඉතින් ඒ ටෙලි නාට්‍යයත් අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච ටෙලි නාට්‍යයක්. ඉතින් ඒකෙන් හම්බ වුණා. ඉතින් ඊට පස්සේ අපිට විශේෂම දේ තේරුම් ගැනීම. මං හිතන්නේ එයාට මාව තේරෙනවා සහ මට මුලින් මුලින් එයාව තේරුණේ නෑ. ඔයා දන්නවනේ ඉතින් මම චුට්ටක් එහෙමයි කියලා. හැබැයි මම හිතනවා මාවත් එයා ඒ තේරුම් ගැනීමට අරගෙන තියෙනවා, මමත් බොහොම maturity එකකින් ඒක ඇතුළේ වැඩ කරනවා කියලා. ඉතින් එහෙම තමයි ඉතින් හම්බ වුණේ.
එයා එච්චර කලබල නැති හරිම සාමකාමී පුද්ගලයෙක්නේ. ඉතින් එතකොට මම ආස වුණේ ඒ ගතිගුණවලට. එයාගේ පොඩ්ඩක් අර මට තේරුණා එයාගේ සාමකාමී ගතිය ඒ නිස්කලංක බව calmness එකත් එක්ක. මට ඒ කියන්නේ අපි ආයේ ජීවිත කාලයක්නේ ගත කරනවා කියන්නේ. එතකොට ඒ ජීවිත කාලය ගත කරන්න අපේ nervous system එක හරි calm වෙන්න ඕනේ අපේ සහකරුවාත් එක්ක ඉන්නකොට. මා හිතන්නේ ඔයාටත් ඒ අත්දැකීම තියෙනවා ඔයාගේ ගෙදරම. අපි එක දවසක කතා වුණේ ඒක. ඉතින් අන්න ඒක එයාගෙන් මම දැක්කා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මට එයා ගැන ඒ පැහැදීම ඇතිවුණේ. මම දන්නේ නෑ එයාට මං ගැන කොයි වගේ පැහැදීමක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ පැහැදීමත් එක්ක තමයි අපි දෙන්නා ඒ තීරණය ගත්තේ.
ඉවසනවා. සමහර වෙලාවට ටිකක් තරහත් යනවා. ඒ වුණාට ඉතින් ගොඩාක් ඉවසනවා. හරිම හොඳ කෙනෙක් හරියට ඉවසනවා. ඉතින් දැන් නම් මම හිතන්නේ ඉවසන්න තරම් මගේ එහෙම දෙයක් නෑ. මොකද අපිට උපදෙස් ලැබුණේ අනිත් හතරවටින්ම. මා හිතන්නේ balance වෙන්න ඕනේ දෙන්නෙක් ජීවිතයක් ගත කරනකොට. ඒක හරිම වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවකට එක් කෙනෙක්ට තරහ යන්න පුළුවන්. අපි කොච්චර calm කිව්වත් මනුෂ්‍යයෝනේ. මනුෂ්‍යයෝට තරහ යන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට අනිත් කෙනා calm වෙන්න ඕනේ මම හිතන්නේ. මගේ මේ පුංචි වයසට මම දන්නෑ ලොකු දේවල්. හැබැයි මං, මට තේරුම් ගියපු දේ මේ කාලවකවානුවේ. ඉතින් එහෙම අපි දෙන්නා ජීවිතය balance කරගන්නවා කියලා මම හිතනවා.
ඔයා ගොඩාක් වෙනස් වෙලා ඉස්සර ටිකක් කේන්ති ගත්ත දුෂේනි දැන් වෙනස් වෙලා ?
ඇත්තටම හිතෙනවා. නේ, ඒ කියන්නේ, ඒකයි මම හිතනවා වයසත් එක්ක අපි මුහුකුරා යාමත් එක්කත් ඕන කෙනෙක්ට සිද්ධ වෙන දෙයක් කියලා. මට දැනෙනවා මම හරි calm වෙලා කියන එක. ඒ කියන්නේ මගේ ජීවිතය දැන් හරි සාමකාමී කියන එක. ඒක මේ හරි නිදහස් මට. ඒක මට සැහැල්ලුවයි. මම මගේ ජීවිතයේ යම්කිසි තැනක හරිම නිදහස්ව සාමකාමීව ගත කරනවා. ඒක මට සතුටක්. මොකද දැන් අවුරුදු පහකට හයකට කලින්, එතකොට මගේ වයසත් ටිකක් ඉතින් අඩුයි. හැබැයි ඒ කාලේ තිබිච්ච විදිහ, හිතපු විදිහ, ඒවා ඔක්කොම වෙනස් වුණා. මම හිතන්නේ ඒක අපේ අම්මලා තාත්තලා ඉතින් ඉස්සර කියන්නේ වයසත් එක්ක යනකොට ඔයාලට තේරෙයි කියලා. ඒක ඇත්තටම එහෙම වෙනවා මං හිතන්නේ.
ඔබේ ආදරණීය තාත්තගෙන් ලැබුණු රැකවරණය, ආදරය, සමීප බව, අද ඔබට ඔහුගෙන් ලැබෙනවද?
මම විශ්වාස කරනවා. ඉතින් අපි ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. ඉතින් තාත්තා කියන කෙනත් එක්ක තමයි මගේ ජීවිතයේ ලොකුම bond එක මට තිබුණේ සහ තියෙන්නේ. මොකද එයා අදටත් සමහර වෙලාවට මෙයාට call කරන්න කලින් තාත්තාට call කරලා කියනවා මං ගෙදර ආවා කියලා. ඒක මම හිතන්නේ දුවෙකුයි තාත්තා කෙනෙකුයි අතර තියෙන සම්බන්ධතාවය ඒක මම හිතන්නේ මැරෙනකන් එහෙම තමයි. ඒ ඉඩට මං හිතන්නේ නෑ වෙන කෙනෙක් ඇවිත් ඒක පුරවනවා කියලා. හැබැයි ඒ හා සමාන ආදරයක්, ඒ හා සමාන රැකවරණයක්, අපි කියන්නේ රැකවරණය අපිට දැනෙන්න ඕනේනේ කාන්තාවක් විදිහටයි. අපි කොච්චර තනියම දේවල් කරගත්තත්, මම හරි independent ගෑනු කෙනෙක්, මම මගේ හැම දේම තනියම කරනවා, හැබැයි මට පිරිමියෙක්ගේ රැකවරණයක්, පිරිමියෙක්ගේ caring එකක් අවශ්‍ය වෙන තැනක් තියෙනවා ජීවිතයේ. ඒක මට තාත්තාගෙන් ලැබුණා. ඉතින් මා හිතනවා මෙයාගෙන් මට ඒක දැනට ලැබෙනවා. දැන් අපි ජීවිතය දැන් තමයි පටන් ගන්නේ. ඉතින් මං හිතනවා ඉස්සරහටත් ඒක ඒ විදිහට ලැබෙයි කියලා. ඉතින් ඒක මං හිතනවා ඒක ලැබෙයි කියලා.
අද රට දකින wedding එක ගැන, ඒක plan වෙච්ච ආකාරය ගැන දැනගන්න ඕනේ ?
wedding එක plan වෙච්ච ආකාරය, අද event එක, දොළොස්වෙනිදා event එකක් තියනව.ඇත්තටම මතක් කරන්න ඕනේ නලින්දව. නලින්ද බුලත්සිංහල. ඉතින් නලින්ද තමයි events දෙකම අයියේ plan කරේ. ඇත්තටම මට ඕන වුණේ එක දවසක කරන්න. මම ටිකක් අර සරල සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිතන නිසා. හැබැයි නලින්දගේ ආසාවක් තිබුණා events දෙකකට ඒක කඩන්න. විශේෂයෙන් අර අපි guest අමුත්තෝ ටිකයි වැඩිනේ. ඒකත් එක්ක, ඒකට ඉතින් අපි එකක් පෝරුවක් අපි ලෑස්ති කරා. කැන්ඩියන් විදිහට අඳින්න එක මගේ ආසාවක් තිබුණා කොහොමත්. ඒක මං හිතනවා ඕන ගෑනු ළමයෙක්ගේ ජීවිතයේ අර පුංචි කාලේ ඉඳලා තියෙන මනමාලියෙක් වෙන හීනයක්.
ඒක අපේ, අපි ඒක අයියේ පොඩි කාලේම මං හිතනවා ගෑනු ළමයෙක් ඒකට හීන මවනවා. ඒක අඳින්නේ කොහොමද කියලා. ඊට පස්සේ දැන් නම් හැම දේම හරි දියුණුනේ. එතකොට ඒගොල්ලන්ට makeup කරන්නේ කවුද? ඔයා චූටි කාලේ ඉඳන්ම දැන් ළමයි බලනවා. ඉතින් එහෙම අතිශය හීනයක් තිබුණා. ඉතින් ඒවත් එක්ක, ඒ විදිහට තමයි පෝරුව එක අපි plan කරේ. ඊට පස්සේ අනිත් එක western එකක්. ඒ විදිහට තමයි ඉතින් ceremonies දෙකම plan කරේ. ගොඩක්ම credit එක යන්නේ නලින්දට. එයා තමයි, මොකද අපි දෙන්නම කාර්යබහුලයි, ගොඩක් කාර්යබහුලයි. මං පොඩ්ඩක් හරි ඉන්නවා, අරයා ගොඩක් කාර්යබහුලයි එයාට ගොඩක් විඩාවට පත්වෙන නිසා. ඉතින් නලින්ද ලොකු උදව්වක් අපිට මේ වෙලාවේ කරා. මාව හැඩ ගන්වන්නේ ධනංජය බණ්ඩාර. ඊට පස්සෙ ගත්තහම මිහිරි, මිහිරි අක්කා Paradise Embassy එක. ඊට පස්සේ ධනුෂ්ක චන්න ආයතනයෙන් මගේ දෙවැනි දවස makeup කරන්නේ එයා. ඊට පස්සේ නයෝමා අක්කා. ඊට පස්සේ අපේ නලින්දව කොහොමත් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ shoes කරන්නේ Walk to Glow එකෙන්. Flowers, bouquets ඒවා මං හිතන්නේ ඒවා ඔක්කොම නලින්ද තමයි දන්නේ. ඉතින් අර මම ගොඩක්ම, මහේෂ් බන්සා තමයි පළවෙනි දවසේ videography සහ photography කරන්නේ. සහ ලක්මාල් සිංහාරගේ දෙවැනි දවසෙ කරනවා. ඒ විදිහට තමයි. ඔක්කොම මතක නෑ සමාවෙන්න ඕනේ. මට ඔක්කොම දන්නේ නැති නිසා මතක නෑ. ඒ විදිහට තමයි මට මතක අය.
ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර අද පෙරමුණේම ඉන්න කෙනෙක් දුෂේනි ඔයා. ඒ වගේම upcoming actors ලා අතරේ ඉහළටම ආපු, එමින් පවතින කෙනෙක් චතුරංග. ඒ combination එක කොහොමද?
ඒක අයියේ, ඇත්තටම දැන් එයා කවදාවත් මගෙන් දැන් බලාපොරොත්තු වෙලා නෑ. ඒ කියන්නේ දැන් මට තියෙන limelight එක හරි, දැන් මම එයාට තියෙන limelight එක හරි, ඒක එයා මගේ limelight එක එයා grab කරන්නෙත් නෑ, මම එයාට තියෙන අවස්ථාවකදී එයාගේ එක උදුරගන්නෙත් නෑ. දැන් එක එක කෙනාට අවස්ථාව තියෙනවා. එයා බබළන වෙලාවක් තියෙනවා. මං බබළන වෙලාවක් තියෙනවා. එහෙම එක එක වෙලාවක් තියෙනවා. එහෙම කොයි වෙලාවකවත් එයා මගේ limelight එක උදුරගන්න උත්සාහ කරන්නේ නෑ. සහ මම එයාගේ උදුරගන්න උත්සාහ කරන්නේ නෑ. මම එයාව තෝරගන්න තවත් විශේෂ දෙයක් තමයි එයාගෙන් මට දැනෙන සහයෝගය.
ඒ කියන්නේ කාන්තාවක් විදිහට වැඩ කරනකොට විශේෂයෙන් මේ වගේ ක්ෂේත්‍රයක, අපිට අපේ සහකරුවාගෙන් ලැබෙන බාධක ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒක බොහොම සාධාරණයි. හැබැයි, එතැනදී තමයි අපිට තේරුම් ගැනීම කියන එක සහකරුවාගෙන් ගොඩාක් අවශ්‍ය වෙන්නේ. එතකොට මම එයාගෙන් දැකපු ලොකුම දේ සහ මං කියන්නේ ඕනම ගෑනු ළමයෙක් ජීවිතයට සහකරුවෙක් තෝරගන්නකොට, අපේ ජීවිතය දැන් අපිව දෙමාපියෝ අවුරුදු ගණනාවක් හදලා, ඒගොල්ලෝ අපේ හීනවලට අරන් ගිහිල්ලා ඔක්කොම කරලා, අපිව කසාදයක් බන්දලා දෙන්නේ හීන ඔක්කොම අතහැරලා ගෙදර නතර වෙන්න නෙවෙයිනේ. මං කියන්නේ නෑ පවුල් ජීවිතයට හොඳ තැනක් දෙන්න ඕන්නෑ කියලා.
මම කියන්නේ ඒක balance කරන්න ඕනේ අපි. හැබැයි ඒක balance කරන්නත් මම හිතනවා විශේෂයෙන් කාන්තාවකට ලැබෙන සහකරුවා ඉතාම වැදගත් වෙනවා. එයා අපිව තේරුම් අරගෙන, අපිට බබළන්න ඉඩ දෙන කෙනෙක් නම් අපේ ජීවිතය සාර්ථක වෙනවා. එහෙම නැති වුණොත්, අර දෙමාපියෝ අවුරුදු ගානක් හදලා අරන් දීපු ඒ light එක ඔක්කොම dim වෙලා, එහෙමම බිමට පතිත වෙනවා. ඉතින් ඒක, එහෙම තමයි කාන්තාවක් කියන්නේ පිරිමියෙක් කියන දේ අහනවනේ end of the day. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා එයා එයාගේ job එක එයා කරගෙන යනවා. හරිම පාඩුවේ. එයා බොහොම ලස්සනට එයාගේ job එක කරගෙන යනවා. එයා මට මගේ job එක කරගෙන යන්න ඉඩ දෙනවා. මං ඒකයි කියන්නේ ඒක වාසනාවක් ඒ වගේ කෙනෙක් මට ලැබිච්ච එක කියලා.
දැන් එක පියස්සක නවතිනවා අදින් පස්සේ. කොහොමද ඒවා සැලසුම් කරලා තියෙන විදිහ?
සැලසුම් කරා. ඉතින් පුළුවන් විදිහට අපි දෙන්නා. ඉතින් අපි දෙන්නගේ worlds දෙකක් තිබුණා අපිට. ඊට පස්සේ දැන් එක ගෙදරක් ලෑස්ති කරා. තවම ඒ ගෙදරට ගියෙ නෑ. ඒ ගෙදරට යන්න ඉන්නේ ඔක්කොම wedding ceremonies ඉවර වුණාට පස්සේ. අම්මාත් කිව්වා ඉතින් අර චාරිත්‍රානුකූලව ගෙදරට යන්න කියලා. ඉතින් අර අපේ පුංචි ලෝකේ ඉතින් අපි ආස විදිහට පටන් ගන්න මම ආසයි. ඉතින් මම ඒ ගෙදරට ගියේ නෑ. ඒක නිසා ඉතින් අර ලස්සනට කිරි උතුරවලා ඒ ගෙදර දැන් ගෘහමූලිකයා එයා, මම තමයි wife විදිහට ඉතින් ඒ ගෙදරට යන්නේ කියලා.
ජනප්‍රියත්වයේ ඉහළම ඉඳද්දී තමයි ඔයාලා විවාහ වෙන්නේ. සමහර අය ඒකට කැමති නෑ.?
ඒක විශේෂයෙන් ගෑනු කෙනාට තමයි ඕක අභියෝගය වැඩි වෙන්නේ. මොකද මං අර කිව්වා වගේ අපිට අපි වැඩ කරනකොට මේ ක්ෂේත්‍රයේ එකක් තමයි අපේ පාර්ශවය. අනිත් පාර්ශවය. එතන සහකරුවාගෙන් අපිට ලැබෙන සහයෝගය. ඒක දෙපැත්තටම තියෙන්න ඕනේ. විවාහයක් වුණත් ඒක ඒ විදිහටම ඒ සහයෝගය එයාට එයාගේ වැඩේ කරගන්න සහ මට මගේ වැඩේ කරගන්න ලැබෙන්න ඕනේ.
Fan base එක අතින් ගත්තහම මගේ fan base එක ගොඩාක් මගේ නිර්මාණ වලට ආදරය කරන අය. මගේ පෞද්ගලික ජීවිතයට වඩා. ඒක මම මුල ඉඳලා හදාගත්ත දෙයක්. මොකද මම මගේ පෞද්ගලික ජීවිතය social media වල ගොඩාක් දිග අරින්නේ අඩුයි. ඒ කියන්නේ සමහර තැන්වල සමහර දේවල් මිනිස්සු දැනගත්තා. ඒ වුණාට අර හැමදේම වගේ මගේ පෞද්ගලික ජීවිතයට වඩා මගේ නිර්මාණ, මගේ චරිතය තමයි මිනිස්සු ආදරය කළේ. ඉතින් ඒක නිසා මම හිතනවා මිනිස්සු ආදරය කරන්නේ මගේ චරිත වලට. ඉස්සරහටත් මගේ නිර්මාණ වලට ඒගොල්ලෝ ආදරය කරයි කියන විශ්වාසය මට තියෙනවා. මම හිතන්නේ අරයාටත් එහෙම වෙන්න ඇති. අපිට අපි ගැන confidence එකක් තියෙනවා.
අපේ පෞද්ගලික ජීවිතයේත් අපි ඊළඟ step එක තියන්න ඕනේනේ. ඒක නිසා අපි දෙන්නා ඒ තීරණය ගත්තා. ටිකක් මේ ඔයා කියන්නේ, ඔයා ධනංජය බණ්ඩාරට කතා කළ දිනේයි කිව්වහම දිනේයි කියද්දී එයාට තිබුණේ හරියටම සතුටු කම්පනයක් වගේ. දිනේයි කියනකොට ලබන බදාදාද කියලා. ඒ කියන්නේ අයිත් වෙන්නෙ එච්චර ළඟ කියලා. ඉතින් අපි දෙන්නාගේ ටිකක් හදිසියේ ගත්ත තීරණයක්. එහෙම නැත්නම් අපි දෙන්නා හිතුවා ඉතින් peak එකේ තමයි ඉන්නේ, හැබැයි සමහර වෙලාවට දෙන්නෙක් එකතු වුණහම මේ brand එක තවත් powerful වෙනවා. ඒවගේ උදාහරණ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒක නිසා අභියෝගය කරල බලමු කියලා.
චතුරංගට ඉස්සරහට ප්‍රේම ජවනිකා ඔයත් එක්ක විතරක් රඟපාන්න වෙයිද?
නෑ. කියනවත් නෑ. එයාට ඕන තරම් නිදහස දෙනවා ඕනෑ දෙයක් කරන්න. එයා දන්නවා නම් එයාගේ limits. එයා දන්නවා නම්. එයා දන්නවා මම මට අවංකකම කියන එක ඕනේ කියන එක. ඒ කියන්නේ අපේ රැකියාවනේ රඟපානවා කියන්නේ. එතකොට එයා ඒ job එක කරලා එයා ගෙදර එනවා නම් එතැනින් එහාට මට කිසිම ගැටලුවක් නැහැ. අවංක නැති වුණොත් ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මම දන්නවා එයා හරි අවංක මනුස්සයෙක් කියලා. මොකද එයා… ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපේ පවුල රැකගන්න එක. ඒක job එකකින්වත් තවත් තුන්වෙනි පාර්ශවයකින්වත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක අපි දෙන්නා අතර තියෙන දෙයක්. ඉතින් මට කිසිම ගැටලුවක් නැහැ.
එයාට පුරා නිදහස තියෙනවා එයාගේ වැඩකටයුතු කරගන්න.
ඔබ කුරුණෑගල ගම්පියසින් ආව ගෙනෙක්. හැබැයි ග්‍රාමීය නෙමෙයි කුරුණෑගල නාගරිකව. කොහොමද පුංචි කාලේ ගෙවුණු හැටි?
මගේ, මම හැදුනේ වැඩුණේ කුරුණෑගලයි. මගේ උපන් ගම මාතර. අපේ අම්මලා තාත්තලාගේ ගම මාතර. ඊට පස්සේ කුරුණෑගලට තමයි ආවේ. Shift වුණේ. ඊට පස්සේ කුරුණෑගල තමයි මම පාසල් ගියේ. වයඹ රාජකීය විද්‍යාලයට. මගේ අවුරුදු දහතුන එතැන තමයි ගෙවුණේ. හරිම සුන්දර ළමා කාලයක් තිබිච්ච කෙනෙක්. මට මල්ලි ඉන්නවා. මල්ලි, මමයි. හැබැයි ඒ කියන්නේ මම ආසයි කවදා හරි මගේ දරුවෙක්ට ඒ ළමා කාලය ලබා දෙන්න. ඇත්තටම කොළඹදී මේ තියෙන කාර්යබහුලත්වය, මේ ක්ෂේත්‍රය, මේවත් එක්ක ඒ ළමයාට අපි විඳපු ළමා කාලය ලැබෙයිද දන්නෑ. හැබැයි මට තිබුණේ හරි ලස්සන ළමා කාලයක්. මගේ අම්මා මට ඒ ළමා කාලය දුන්නා. මගේ තාත්තා මට ඒ ළමා කාලය දුන්නා. හරිම වගකීම් විරහිතව හරි සුන්දර කාලයක් ඒක.
මම අදටත් මට දැන් මාසෙක වැඩ කරනවා නම් මම සති දෙකක්, සතියක් විතර මට ගෙදර ගිහිල්ලා ඉඳලා එන්න ඕනේ. මට මේ ජීවිතයෙන් චුට්ටක් මිදිලා අරකේ පොඩි relaxation එකක් තියෙන්නේ එතනයි අයියේ. ඒ කියන්නේ මට මම ඉන්නවා කියලා, දුෂේනි කියන පුද්ගලයා දැනෙන්නේ මට එතනදී. ඒක මං දන්නෑ ඕන කෙනෙක්ට එහෙම ඇති. තමන් උපන් තැන, තමන් හැදිච්ච, වැඩිච්ච තැන, ඒ ගමට, ඒ නගරයට ගියාට පස්සේ තමයි තමන්ට, හරි මේ දැන් හරි මං දැන් ආපහු මම වුණා කියලා දැනෙන්නේ එතනදී. ඒක හරි විශේෂයි.
මගේ school එක භාෂාවල් දෙකෙන්ම, ඒ කියන්නේ English medium සහ සිංහල medium දෙකම උගන්වනවා. ඉතින් එකේ ඉඳලා පහේ වසර වෙනකම් මම ඉගෙන ගත්තේ සිංහල භාෂාවෙන්. පහේ ඉඳලා දහතුන සහ ඊට පස්සේ ගත්ත Higher education කියන්නේ අපි, මම CIMA කරපු කෙනෙක්. Accountancy. ඉතින් ඒවා ඔක්කොම මම කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක නිසා හරි සමහර විද්‍යාත්මක වචනයක් එහෙම සිංහලෙන් කිව්වොත් දන්නෑ. එහෙම නැත්නම් ගොඩාක් හොඳට මට සිංහල භාෂාව හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ මගේ, මගේ base එක මගේ අම්මා තාත්තා හොඳ සිංහල උගත් මිනිස්සු. හොඳට කතා කරන්න පුළුවන්, ඔක්කොම පුළුවන්. ඔය ඉංග්‍රීසි භාෂාවත් ඒ shape එකේ shape කරගන්න පුළුවන්.
ජීවිතයේ වෙනස ගැන කියන්න
මෙහෙමයි ජීවිතයේ මගේ, අපේ ජීවිතය හරි open book එකක්නේ. මිනිසුන්ට අපිව පේනවා. මගේ ජීවිතයේ කඩා වැටීම්, උස් පහත්වීම්, පවුල් ජීවිතයේ, මගේ රැකියාවේ හැම දේම මිනිසුන් දන්නවා. ඒ ඇත්තටම අපිට හංගන්න බෑනේ, මිනිස්සු දන්නවා. ඉතින් මට තියෙන එකම වාසනාව, මට තියෙන එකම සන්තෝෂය ඒ මිනිස්සු මගේත් එක්ක මගේ කඩා වැටීම්වලත් හිටියා, මම නැගිටින තැන්වලත් හිටියා. ඉතින් ඔයගොල්ලන්ට අද දවස මට ආදරය කරන හැමෝටම, ඔයගොල්ලන්ටත් සතුටු වෙන්න පුළුවන් කියලා මං හිතනවා. ජීවිතේ ඉතින් ඒක අලුත් අඩියක් තියන්නේ. ඉතින් ඒක සතුටුයි. ඉතින් දන්නෙ නෑ ජීවිතය කොහොම කොයි පැත්තට ගලාගෙන යනවද කියලා. හැබැයි මාත් එක්ක මෙච්චර කාලයක් මට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝටම හරිම ආදරෙයි. අවංකවම ආදරෙයි. ඔයගොල්ලන්ව ඉස්සරහටත් මාත් එක්ක මගේ ජීවිතය බෙදාගන්න ඉඳී කියලා මං හිතනවා ඉතින්.
හොඳයි සුබ පතනවා අවසානයේ. ජීවිතයේ ළඟම චරිතයක් මාත් එක්ක ආදරයෙන් රැඳුණු රැඳෙන, මගේ මං හිතන්නේ life එකට ගොඩක් ළඟම කෙනෙක් ඔයා. ආදරයෙන් සුබ පතනවා.
බොහොම ස්තූතියි
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:51
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:49
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:02
2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:33
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26