hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:11



මේ වනවිට රතු වරෙන්තු නිකුත් කර තිබෙන සංවිධානාත්මක අපරාධකරුවෙක් ලබන සතියේ දිවයිනට රැගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

රතු වරෙන්තු නිකුත් කළ සැකකරුවන් 236 දෙනෙකු සිටින බවත් ඉන් 110දෙනෙක් සඳහා රතු වරෙන්තු නිකුත් කළේ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මේ වනවිට අපරාධකරුවන් 39 දෙනෙකු සැඟවී සිටින රටවල් සහ ස්ථාන පිළිබඳව හඳුනාගෙන සිටින බවත් ඔවුන් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

මේ වනවිට 236 දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර තිබුණා. එයින් 110ක් රතු වරෙන්තු නිකුත් කළේ අපි බලයට පත් වුණාට පස්සේ. ඒ වගේම අපි බලයට පත් වුණාට පස්සේ 66 දෙනෙක්, පාතාල අපරාධකරුවෝ සහ විවිධ අපරාධකරුවෝ මෙරටට ගෙනල්ලා තියෙනවා.

මේ වෙනකොට 66 දෙනෙක් මෙරටට ගෙනාවා වගේම තවත් රතු වරෙන්තුකරුවන් 97ක් පිළිබඳව පරීක්ෂාකාරී වෙමින් ඉන්නවා. 39 දෙනෙක් අපි හඳුනා‌ගෙන තියෙනවා. ඔවුන් ඉන්න රටවල් සහ ස්ථාන. ඉදිරියේදී ඔවුන් මෙරටට ගේන්න අවශ්‍ය කටයුතු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: