hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28



විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

බහුතර ප්‍රමාණයක් භාවිත කරන, වැදගත්ම ඖෂධ සඳහා රජය මුදල් වෙන් කරන බවත්, ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලා සිටින ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

මෙලෙස ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක් සිදු වුවහොත් ප්‍රාදේශීය එම ආයතනවල ප්‍රධානීන්ට ඖෂධ සහ ශල්‍ය උපකරණ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත්, අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළ පසු ඖෂධ සංයෝජකගේ එකඟතාව මත රෝහල් අධ්‍යක්ෂවරයාට එය වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.

කලින් සිටි සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් සිදුකළ බරපතළ මූල්‍ය වංචා නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස ගල් ගැසී තිබූ බවද ඔහු ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: