hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32



සජිත් ප්‍රේමදාස මහතා කරුණාවන්ත පුද්ගලයෙක් වන අතර ඔහුට පරිභව කරන අයට පවා එතුමා කරුණාවන්තව කටයුතු කරන බව සමගි ජන බලවේගයේ සාමාජික මහේෂ් සේනානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී යි.

එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්.

“සජිත් අපේ ඉස්කෝලෙට මෙච්චර බස් එකක් දුන්නා. අපේ ඉස්කෝලෙට මෙන්න ස්මාර්ට් දුන්නා. යකෝ මේ සමහරවිට ඒ අපහාස කරන මිනිහගේ දරුවා ඉගෙන ගන්නවා ඇති එතුමා දීපු ස්මාර්ට් පන්ති කාමරයක. එතුමාගේ නැත්නම් අම්මා, තාත්තා, ආච්චි, සීයලා, කුඩප්පච්චි ඉස්පිරිතාලේ ගිහිල්ලා හුස්ම වැටෙන්නේ නැති එකට දීපු යන්ත්‍රවලින් බෙහෙත් ගන්නවා ඇති.

හොඳ ප්‍රතිචාර, හොඳ විවේචන අපි බාරගන්න ඉතාම කැමතියි.

මේ රටේ මධ්‍යස්ථව හිතන මහජන්තාවට මේ තත්ත්වය තේරෙනවා. සජිත් මහත්තයාට ඡන්දෙ නොගහපු කෙනෙක් වුණත් සජිත් කියන්නේ ජෙන්ටල්මන් කෙනෙක් කියලා කට ඇරලා කියනවා. බොරු නෙවෙයිනේ? සජිත් බොරුකාරයෙක් නෙවෙයි කියලා කියනවා. සජිත් හොරෙක් නෙවෙයි කියලා කියනවා.

ආ? එතකොට අපි එතුමාගේ කරුණාවන්තකම ගැන දන්නවා. දැන් සමහර අය කියනවා කරුණාවන්ත වැඩියි කියලා. ඇයි පපු උණු වෙනවා. පුළුවන් තරම් එතුමාට පරිභව කරපු එක්කෙනෙක් හරි ඇවිල්ලා ගෙදර අමාරුවක් තියෙනවා කිව්වොත්, මෙන්න උදව් කරනවා. ඉතින් අපිත් ඒකට එපා කියන්නේ නැහැ. ඇත්ත කතාව ඒකනේ?

දැන් කවුරු හරි එතුමාට පරිභව කරපු මිනිස්සු ආපුවහම, හරිද? එතුමාගේ හදවත උණු වෙනවා, ඉතින් මිනිස්සුන්ට ඕනේ හදවත උණු වෙන්නේ නැති, සරල නැති, මේ රැවුලක් වවාගත්තු, ඩබල් පොකට් දාගත්තු, සිංහයෙක් නම්, ඔන්න සිංහයා ඉන්නවා සිංහයා එක්ක වැඩේ බලාගන්න. සිංහයා කරලා තියෙන දේ දැන් පේනවනේ රටට.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: